Friday, February 3, 2017

මට පෙනෙන හැටි..

මගේ පොඩි කාලේ ෆොටො නැත්තෙ ඇයි කියල මම දන්නෙ නෑ වගේ හිටියට පවුලෙ අනෙක් හැමෝගෙම ෆොටෝ තියෙද්දි මාතර අක්කගෙයි මගෙයි ෆොටෝ නැති හේතුව මට තේරෙනවා...ඒ නිසා මට ෆොටෝ පිස්සුවක් තිබුණා. ඒත් හිමිජ්ජා වගේ හිටියට මං ලේසියෙන් අත අරින කෙනෙක් නොවන නිසා, ඉල්ලගත්ත..ඉල්ලගෙන නොදීපු, ඉල්ලනකම්ම හිටපු, කැඩිලා බැනුම් අහපු හා අනේකවිධ ක්‍රම වලින් කාලයක් තිස්සෙ ගත්ත, තාමත් ගන්න ෆොටෝ තුන්හාරදාහක් සීඩී තැටිවලයි, කම්පියුටරෙයි තිබිලා ගොඩ අරන්  Instagram එකේ දාමින් ඉන්නවා...

වෙලාවක් තියෙන වෙලාවක බලන්න කියල ආරාධනා කරනවා. මම පකීර් කෙනෙක් නෙවෙයි. ඉස්සෙ ඉස්සෙල්ලාම කැමරාවක් ලෝස් නැතුව දීලා මම ඒක නොදී තියාගත්තම වචනයක්වත් නොකීව ලොකු අක්ක බැදපු අය්යගෙ සිට මේ ලගකදි හොද කැමරාවක් ගන්න උදව් කරපු මගේ යාලුවාවත් අමතක කරන්නේ කොහොමද....

මට පෙනෙන හැටි..