Monday, May 15, 2017

තුවාල හොදවන තුරු නවතිමි..... (අවසාන කොටස )




















කිසිම විශේෂ හේතුවක් නැතුවත් ..සරල හා අහඹු ලෙසත්...
බොහෝමයක් අය මට ආදරය කලෝය...

එහෙත්  ගිණිය හැකි තරමේ අල්පයකට මම ආදරය කලෙමි...

ඒ අතරේ...


මා වැටෙද්දී...ඕනෑකමින් ගිලෙද්දී...මා වෙනුවෙන් දිගු කල දෑතක් තිබිණි...
මට එය නොපෙනී තිබුනේ ඇයි කියා මා දහස්වර කල්පනා කලෙමි...

එහෙත් ඇත්ත නම් මා කිසි විටෙක ඒ දෑත ගැන කල්පනා නොකල බවයි...


ඇගේ හදවතේ මා වෙනුවෙන් වූ තුවාලය මා විටින් විට පාරන්නේ යැයි මට දැනෙන විටත්..ඒ තුවාලය කුඩා සියුම් එකක් බව දැනෙන විටත් මා පරක්කු වැඩි බව දනිමි...

ලොකු තුවාල වලට වඩා සියුම් තුවාල රිදෙන්නේ යැයි මා දැනගත්තේ අද ඊයේය...

ඒ තුවාල ඔහොම තියෙද්දෙන්....

20 comments:

  1. හැහ් මූටත් අයියගෙ ලෙඩේ බෝ වෙලාද

    ReplyDelete
  2. ලොකු තුවාල වලට වඩා සියුම් තුවාල රිදෙන්නේ යැයි මා දැනගත්තේ අද ඊයේය...
    අපූරු කියුමක්. ඇත්තම ඇත්ත තමා!. අපි මේක සතුටෙන් නියෙව්වත් එහෙම දෙයක්වෙනවා නම් එ්ක දුකක්

    ReplyDelete
  3. ඔබගේ නැවතීම රසිකයන් වන අපටද දුකකි. තුවාල පාරන්නේ නැතිව ආයෙත් ලියන්න.

    ReplyDelete
  4. කියෙව්වෙමි .ලියූ දේවල් .බලා සිටියෙමි තවත් ලියන තුරු .යායුතු බව පසක්් කර ඇති නිසා එපා කියන්න බැරිය .
    නැවත ඒවියැයි බලාගෙන හිදීම හැර කුමක් කරන්නද ?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. රසත් සමග පද නිතරම ලියන්නේ
    මටත් මිතුරු ලිපිමයි මෙහි තියෙන්නේ
    ඇවිත් බැලූවිට අපෙ හදවත නිවෙන්නේ
    යළිත් නොලියනා බවමද කියන්නේ.....

    බ්ලොග් ලෝකේ ප්‍රියතමයන් එකින් එක බ්ලොග්වලින් ඈත්වීම දුකකි.


    ජයවේවා!!!

    ReplyDelete
  7. අපරාදේ..තව ටිකක් ලියන්න තිබුනේ. මාත් බලන් හිටියා මාව තමුසෙට දැනෙන හැටි බලාගන්න. තුවාල සනීපකරගන්න බෙහෙත් තියෙනවා. ඒවා සිම්පල්. තුවාලේ සනීප කරගෙන නෙමේ, පාරගෙන ලියන්න. තමුසෙගේ ලිවීම මට ෆීල් වෙන්නේ, තුවාලය පාරගෙන ලියන වෙලවාට. ඒක් රස ලියවිල්ලක්. මිනිස්සු හිනාවෙන් සහ වේදනාවෙන් යන දෙකෙන්ම ලියනවා. ඒවා මාර ලෙංගතු ලියවිලි. අපරාදේ ....තව කාලයක් ලියන්න තිබුනා..මම හොඳින් අතපත ගාපු බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. බාසිය එකෙන්ම හොඳයි ඉන්ටබල් එකක් ගන්න එක. මට හිතෙන හැටියට බොලා ලියපුව ආයිත් හිතල බලල ඊලඟ පාර වඩා හොඳට ලියන්න යන්නෙ කියල මට හිතෙනව. අරුන අයිය බලං හිටිය එකත් තේ රෙනෙව... ඒත් බොලා මෙහෙම ඉන්ටබල් එකක් ගන්න එක හොඳයි.... අරුන අයියත් ඉන්ටබල් එකක් ගන්න බව මට හිතෙනව ...පොරත් තිබ්බට වඩා ජවයකිං වෙනම අත්දැකීමකිං ලියන්න පටං ගනී කියල හිතෙනව..

      Delete
    2. විවේක පාඩුවෙ ලියනකොට තමයි රහ වැඩි වෙන්නෙ

      Delete
    3. මට හිතුනු දෙයක් තමයි මේක මුන්ගෙ පවුලටම ආවේනික දෙයක් ... මුං හරිම ආත්මීයයි.... පිටිං මොකක් හරි බොකලයක් ආවම ඉබිකට්ට අස්සෙ ගැංගෙනව... ඒත් පට්ට ශුවර් ඉබිකට්ටෙං ආයිත් එලියට අලුව දානව..

      Delete
  8. හදවතේ තුවාල තියනකොට ඒ වේදනාවෙන් වෙනම සතුටක් තියනවනේ . තිබ්බ දෙන් ඉතින්

    ReplyDelete
  9. ජෑ මා කාලී ගෙන් වත් වැඩක් ගන්න බැරිවෙයිද?

    ReplyDelete
  10. අපරාදේ තුවාලකරගත්තේ . ඉක්මනට හොඳවේවා කියාපතමි.

    ReplyDelete
  11. අපි දුක් ගත්තත් ,ඔබ දැන් හරි ඇය ගැන සිතන්න තරම් නිහතමානී වීම ,ඇයගේ පාර්ශවයේ කෙනෙකු ලෙස අගය කරමි .දැන් ඇගේ රිදුම් සිත සුවපත් වනු ඇත .
    තවද ,එවන් රිදුන සිත් ,නොතකා සිටි අයට ,මෙය ආදර්ශයක් වේවා .

    ReplyDelete
  12. සියුම් තුවාල කියන්නේ හදවතේ තුවාල ද

    ReplyDelete
  13. Eඈ නවත්තනවා?????

    ReplyDelete
  14. මටත් මාර නැකතක් තමයි තියෙනේ. අදයි මෙ බ්ලොහ් එකට ආවේ. එතකොට වැහිල.

    ReplyDelete