Tuesday, January 24, 2017

සපත්තු නැවැත කියවීම (58)


මගේ කතා  (මගේ ජීවිතය ) කියවන ඔබ හිතා ඉන්නේ මේ තරම් අවාසනාවන්ත කොල්ලෙකු ගත කල ඇති ජීවිතය පිළිබද කතාවක් බව මා නිකමට  සිතමි. එහෙත් මගේ ජීවිතය මගෙ 'නම' තරම් ම වාසනාවන්තය. මගේ ඒ නමින් මට කතා කරන්නට පටන් ගත්තේ  කවුදැයි මා නොදනිමි. සමහර විට මගේ ජීවිතය වෙනත්ම අතකට යොමු කල ලොකු අය්යා දන්නවා ඇත. (එහෙම බව මම ඔහුට කිසිදාකියා නැත. ඔහුට එහෙම ගානකුත් නැති බව මම නිකමට හිතමි.)
මේ කියන්නට යන කතාවත් එහෙමය. ජීවිතයේ ඕනෑම දුෂ්කර අවධියකදී මට ආදරේ කල අය සිටියේය. සමහර අය මට මගෙන් කිසිත් ඕනෑකමක් බලාපොරොත්තුවක් නැතිව මට ආදරය කලේය. සමහර අය විවිධ හේතු නිසා ආදරය කලෝය. ඒ හේතු තමන්ගේ වාසියට පමනක් නිසා ආදරය කලා වූ අයද වූහ. එහෙත් එහෙම අය මා අසරණ වූ විට පැනගියේ මා ඉන්නවාද මලාදවත් දන්නේ නැතිවය. එහෙත් අරුමය මේ හැමට මම තවමත් ආදරය කිරීමය. මගේ බිරිද මගේ මේ අඩුපාඩුව හොදින් දනී. ඒ නිසා ඇයට අනුව  කිසි එකෙකුට තේරුම් ගන්නට බැරි, කවදාවත් පාඩමක් ඉගෙන නොගන්නා 'මිනිහා' මමය.
එහෙත් ඒ මිනිහාට මා තනිවම ආදරය කරමි. වෙන අය ආදරය කරනු සතුටෙන් බලා හිදිමි. ඒ නිසා 'ඒ' මා නමින් අමතන මෙන්ම මා නොදන්නා හැමට මා 'වාසනාවන්තයා' බව මින් ලියා තබමි.
මම මේ ලියමනට එකතු වුනේ මට ජීවිතය වාසනාවන්ත කල මිනිසෙකු ගැන කීමටය. ඔහුගේ නම කියන්නේ
නැත්නම් එය මගේ අවාසනාවක්  නිසා මෙහි ඉතා ගෞරවයෙන් ලියමි.

මීට කලෙකට පෙර මගේ කතාව ඇතුළු බොහෝ දේ ලියා තැබිය යුතුය සිතූ මම 'සොදුරු මතක' නමින්   බ්ලොග් අඩවියක් පටන් ගත්තෙමි. ඒ 2012  නොවැම්බරයේය. එහෙත් ලියැවුනේ එකම එක කතාවකි. ඉන්පස්සේ එය අර කලින් කී මගේ හිතවත්කම් මා හැරගිය වේගයෙන්ම සොදුරු මතකද මගෙන් ගිලිහී ගීයේය. ඒ කතාව යළි කියවන්නට ඔබට මෙහි තබමි.


මගේ පාසල් හැඳිසපත්තු විවිධාකාරයේ ඒවා වීම මට සතුටක් ගෙන නොදුන්නද ( ඒවා එක්කො කකුලට වඩා කුඩා වූ අතර සමහර විටෙක ලොකු සපත්තුව ගැලවී ඒම නවත්තන්නට සපත්තුවේ ඉදිරිපසට පත්තර ගුලිකොට ඔබන්නට සිදුවිය.මගේ සමකාලීන මිත්‍රයනට ඒවා අරුමයන් වියසමහර සපත්තු විවිධ වර්ණයන්ගෙන්ද හැඩවලින්ද අරුමෝසම් හැඩවලින්ද අනූන වීම තනි කලු සපත්තු පැලැද පාසල් ආ මගේ මිතුරන් අතරේ තරමක "ගතියක්තිබුනද සමහර ගුරුවරුන්ගේ නොරිස්සුම් නිසා ප්‍රසිද්ධියේ අගය කරන්නට ඔවුන් එඩිතර වූයේ නැතමේ සපත්තු වෙනස් ආකාරයක ඒවා වීමට හේතුව මා සපත්තු ගැන විශාරදයෙකු හෝ අලුත් මෝස්තර සොයන්නෙකු වීම නොවමගේ වැඩිහිටි ඥාතී සහෝදරයන් පාවිච්චි කර පසෙකලූ ඒවා වීමයිඒවා සොයන්නට මගේ අම්මා කකුල් කෙඩෙත්තුව හැදෙනතුරු ඇවිදි හැටි හා ඒවා ඉල්ලාගන්නට බයාදු ගති පෙන්වූ හැටි මට තාම මතකයඒ මතකයන් තාමත් මගේ මතක චිත්‍ර පොතේ නොසැලී පවතී.කෙසේ වුවත් අවසානයේ මගේ ලා කොළ පැහැති ඉරීගිය තැන් මසා විකෘති වී පෙනුන සපත්තු කුට්ටම ශිෂ්‍ය නායකයෙකුට  පින්සිදු වන්නට විදුහල්පතිවරයා දක්වා ඇදී ගියේයඑහි අවසන පන්තිය භාර ගුරුවරයා හමුවේ උත්තර බදින්නට සිදුවූයේ මගෙ අහින්සක අම්මාටමයජීවිතයේ නොයේකුත් දුක් කම්කටොලු ඇතත් ඒවා නිරතුරු විදගෙන තම ජීවිත වල නිරන්තර පීඩා වලට සැලුනේ නැති ඇය අවසානයේ පන්තිභාර ගුරුවරයා හමුවේ සිය මැසිවිල්ල කියද්දී මට මගේ ලෝකය කඩා වැටෙනු ඇස් පනා පිටම පෙනිනහෙට සිට මට මගේ පාසල් ගමන නතර කරන්නටත් ගේ ඉදිරිපිටින් පාසල් යනෙන මගේ පාසල් මිතුරන්ගෙන් වහන් වන සැටිත් මගේ මනසේ චිත්‍රපටයක් මෙන් ඇදෙන්නේයමගේ ජීවිතේ පාසල් ගමන නැමැති දුක්ඛ පරිශ්‍රමයෙන් මිදෙන්නට දැන් පුලුවනදෙල්කද ප්‍රාථමික පාසලේ හොදම ශිෂ්‍යයන් අතර කිසිදා සපත්තුපැළැද නොසිටි   මට අගනුවර මේ පාසලේ සපත්තුවල පාට ප්‍රශ්නයක් වීමම  සිත රිදුම් දෙයි. ඊටත් වඩා පාසල් ඇරී ගෙදර යන අපට පිගාන පිරෙන්නට "මොකක්හෝ හදාතියන්නට වෙන අම්මාගේ කාලය දැන් මෙහි ගෙවී ගොස් තිබේඉස්කෝලෙටත්සපත්තු ලැජ්ජාවටත් වඩා මගේ බඩේ ගින්දර ගැන අම්මාගේ පපුව ගිනි ගෙන ඇතැයි මම හොදාකාරවම දනිමිඅන්තිමේ අම්මා පන්තිකාමරයෙන් එලියට ආවේ සාරි කොනකින් කදුලු පිසදාගනිමිනිඇයට දෙන්නට උත්තරයක් හෝ මට සපත්තුව වෙනස් කල හැකි ක්‍රමයක් අප දෙදෙනාටම නැති බව හොදාකාර දනිමිඑහෙත් දැන් ජීවිතයේ මැදි වයස පසුකල  මටත් වඩා -එකල තරුණ -අම්මාට තිබුනේ මහා ආත්ම ශක්තියකි.

"මේ වාරේ ඕකම දාලා..ලබන පාර අලුත් දෙකක් අරන් දෙනවා කියලා මපොරොන්දු වුනා..""ලබන පාර ගන්නේ කොහෙන්ද..""මමනෙ ඒක බලාගන්නේ..දැන් ඉස්කෝලේ දන්න නිසා ඔහොම යo"ඉස්කෝලේ සියල්ලන්ම දැනගැනීම මගේ සිත තවත් අවුල් කරයිඑහෙත් මින් පිට මට අම්මා සමග වාදයක් නැත.මගේ සිත රිදී ඇතැත් අම්මාගේ සිත රිදවීමට  බැරි නිසා මට ඉස්කෝලේ යන්නම වෙයි පසුදා වුවද මට ඉස්කෝලය පැත්ත පලාතේ යන්නට සිත නොදෙයි. මගෙ මුලු ලෝකයම කොහෙන් හෝ ඉරී,ගැලැවීසෝදාපාලුවට ගොස් ඇත්තේය.

"මගෙ ඔලුව කැක්කුමයි..""ආ... එක පාරටම.." අම්මාට මගේ සිත ගැන සැකයක් නැත. ඔලුව කැක්කුමට වඩා සපත්තු කැක්කුම ලොකු බව ඈ දනී..එහෙනං ඔන්න ඔහේ මේ සුමානෙ ගෙදර ඉන්න.. මං කොහොමහරි සපත්තු දෙකක් අරන්දෙන්නං..එතකොට ඔය ප්‍රශ්නේ හරියයිනේ...

ගෙදර ඉන්නා දවස් ගෙවෙන්නෙ පුදුම අපහසුතාවෙනි. ඉස්කෝලේ මා ගැන මොනවා කතා වෙනවා ඇත්ද..සපත්තු ගැන..සපත්තු ගන්නට සල්ලි නැත්තේ ඇයි.. තාත්තා කෙනෙක් නැද්ද..උදව් කරන්නට  කෙනෙක් නැද්ද..  ආයේ ඉස්කෝළේ  එන එකක් නැද්ද...වෙන ඉස්කෝලෙකට යයිද..අනේක විධ ප්‍රශ්නත් කුතුහලයත් ලැජ්ජාවත් මගේ එදිනෙදා පුරුදු පවා අමතක කර ඇත්තේය. ජම්බු ගහේ රතු පාටින් ගෙඩි පිරී ඇතත්යාපනේ බට් අඹගහේ "ඇහැගහගෙන " සිටි හොදම ගෙඩි වවුලන් කා යතත් මට වෙනදා මෙන් ඒවා රස -ප්‍රිය නැත්තේය.ඉස්කෝලේ නොගිහින් ගෙවී ඇත්තේ තවමත් දෙදිනකි. අම්මාගේ සපත්තු ගැනිල්ලේ සේයාවකුද නැත්තේය. මමද දැන් දැන් ඉරිදාපොලේ රස්තියාදුවටත් බෝල ගහන්නටත් පුරුදුවෙමින් සිටිමි..."අන්න තමුසෙව හොයන්න ඉස්කෝලෙන් ඇවිත්...." හදිසියේම අසල්වැසියෙකුගෙන් පණිවිඩයකි.ඉක්මනින් ගෙදර දුවන විට ගෙයි ඉස්තෝප්පුවේ කැඩුනු පුටුවේ වාඩිවී සිටින්නේ ශ්‍රේණී භාර ගුරුවරයාය. ඔහු අප දන්නා දරුණුම එහෙත් හිත හොදඉගෙනුමට ඉගැන්වීමට ආදරය කල ගුරුවරයාය. නුගේගොඩ හන්දියේ  රස්තියාදු ගහන කොල්ලන් ලගටම ගොස් කන් අඩි වලට ගසාකොල්ලන් ඉස්සර කරගෙන එන මේ ගුරුවරයා පිළිබද රසවත් කතා මගේ සමකාලීනයන් ඉතා ආදරයෙන් දැනුදු මතක් කරයි.

"ආ...උඹත් දැන් රස්තියාදු ගහන්න පුරුදුවුනා නේද... යකො බලපන් මේ ගෙදරක හැටි..ඉගෙන්ගන්ඩ බැරිනන් අඩුම ගානේ ගේ- ම්දුලවත් අස්කරගෙන..තොපිට කන්ඩ අදින්ඩ දෙන මේ මනුස්සයාට උදව්වක්වත් කරපන්කො.." 

ඔහුගේ ස්වර තියුණුය එය මාගේ පපුව විනිවිද යයි. අම්මා කවදත් මෙන් මගේ පැත්තමය.

"නෑ ..සර්..මෙයා මට උදව් කරනවා..මමයි කිව්වෙ ගිහින් ටිකක් සෙල්ලන් කරන්න..." 

අම්මා කීවේ බොරුවක් නොවේ.. දවල් කෑම වේල පිළිබද විස්වාසයක් නැතිකම අම්මාගෙන් රස්තියාදුවට මට රුකුලක් විය.

"ආ හරි..ඒ මොක වුනත් උඹ හෙට ඉදලා ඉස්කෝලේ එන්ඩ ඕනේ...ප්‍රශ්නේ සපත්තු දෙකනේ...එකත් ම0 හරිගස්සලා තියෙන්නේ.. උඹ අදම අම්මත් එක්ක ගිහින් සපත්තු දෙකක් ගනින්...හෙට උදේම ඉස්කෝලේ...නාවොත්..මම එකත් බලාගන්නන්..." 

ඔහු   තර්ජනාත්මකව මදෙස බලන ගමන්ම අම්මා වෙත ලියුම් කවරයක් දික් කලේය. ..වතුර වීදුරුවක් පමණක් හිස්කල ඔහු ගෙදරින් යන තුරු මට ඉස්පාසුවක් නැත. අන්තිමේ ඔහු නික්ම ගියෙන් මම දඩි බිඩියේ ලියුම් කවරය ඉරා බැලුවෙමි... කිසිදු සටහනක් නැතුවම එහි රුපියල් දෙසීයකි. එකල සපත්තු ජෝඩුවක් ඕනෑනම් රුපියල් 120-150 පමන විය.එදා නුගේගොඩ ගොස් අම්මාත් මමත් ආවේ ලොතරැයියක් ඇදුනා ලෙසිනි. මට අලුත් "කලු සපත්තු කුට්ටමක්" එළවලු කිහිපයක් මාලු 250ක් අපේ බඩුමලු අතර විය. එපමනක්ම නොවේ තැපැල් කන්තෝරුව පාමුල බීම කඩෙන් මට සරුවත් එකකි. එදාත් අම්මාගේ බඩ හොදටම පිරී තිබෙන  බැවින් ඈ මගෙ සරුවත් වීදුරුවෙන් උගුරක් බීවාය. මේ අම්මාගේ "බඩ පිරිල්ල" හොද කෑමක්- බීමක් "අපට" ලැබෙන හැම විටම තිබුනාය. ඒ බඩ පිරිල්ල මගේ දරුවන් රස කර කනබොන හැමවිටම මට මතක් වෙයි. දැන් සමහර වෙලාවට මටත් මේ බඩ පිරිල්ලේ රෝගය ඇතිවෙයි. එත් මගේ දරුවන් ඒ ගැන මොනවා හිතනවා ඇද්ද...පසුදා ඉස්කෝලේ ගමන මට මහා රාජකාරියකි. කලිසමත්කමිසයත් හේදී දුර්වර්ණ වුව මගේ සපත්තු දෙක අලුත්ය. කිහිප විටක්ම සපත්තු දෙකත් ..ලේස් ගැටේත් ලිහ ලිහා ගැටගැහුවද මට වෙන කිසිවෙකුගේ අවධානය යොමු නොවෙයි. කාටවත් මගේ අලුත් සපත්තු දෙක ගැන උනන්දුවක් නැත. අඩුම තරමේ සපත්තු  ගැනීමට මුදල් දුන් ගුරුවරයාද මා දුටුවත් කතා කලේවත් නැත. අතපසු වූ පාඩම් විවෙක කාලයේ ලියාගනු මිස සෙල්ලමට යනු නැතැයි තර්ජනාංගුලියක් දැමුවා පමණි. සියල්ලන්ටම මා පාසල් නොආ කාරණය ලෙස උණ සෑදී සිටීම ජීරණය විය. වෙනදාට දවසක් හෝ නොආවොත් පිටු ගනන් පිටපත් කිරීමේ දඩුවමද නැත. සියල්ල සාමාන්‍ය ලෙස ගෙවී ගොස් තිබේ.
සපත්තු දෙක ගැන ඔහුට තුති පුදන ලෙස අම්මා කිහිපවරක්ම කියා සිටියත් ඒ හැම විටම ඔහු මා මගහැරියෙය. එදා සිට පාසලෙන් අස්වනතුරු කිසිදිනෙක මට සපත්තු ප්‍රශ්නයක් ආවේ නැත. අවුරුදු පතා නැතත් මගේ සපත්තු ගෙවී කැඩී තිබෙන හැම විටම අම්මාට ලියුම් කවරයක බහා ආ ඔහුගෙ "දයාභරිත මනුස්සකම" ලැබී තිබුනේය.මගේ ජීවිතයේ මා තවමත් ඔහුට නයගැතියඒ කෙසේවෙතත් ඒ නය ගෙවීමට තබා ඒ උදාර මනුශ්‍යා බැලීමටවත් යාමට මට මගේ  ජීවිතය තවමත් ඉඩ දුන්නේ නැතඒ කරුමක්කාර හැගීම ජීවිතයේ අවසාන මොහොත දක්වා මා සමගම සැරි සරනු ඇත

2012 Nov 05

මේ කතාව මට අලුතෙන් ලියන්නට සිතුනත් එකම කතාව කොහොම ලීවද එකම නිසා අතහැරියෙමි. වෙනදා මෙන් මගේ කතාවට ඔබට සංවේගයක් ඇති නොවනු ඇත. මා එදා ගෙදර සිටියානම් ජයවර්ධන සර් එදා නොඅවානම් මම අද කොහේදයි මමවත් නොදනිමි. ජයවර්ධන සර් තම විශ්‍රාම වියේදී පොතක් ලීවේය. එය 'ජීවිත ආලෝකයට බුදු දහම සංක්ෂිප්තව ' නම් විය. ඒ පොත එළිදැක්වීමේදී මම කෙටි කතාවක් කලෙමි. ඒ කතාවේදී මේ සිද්ධිය මතක් කලෙමි. ජයවර්ධන සර් මගේ ජීවිතය ආලෝක කල හැටි කීවෙමි. මට වේදිකාවේදීම කදුළු වැටෙන්නට විය. උත්සව සභාවේ ගැහැණුන් සාරි පොටවල්වලින් කදුළු පිස්සේය.  ඒත් මට ‍යලිත් ඇඩුනේ මා වේදිකාවෙන් බැස ගොස් ඒ දෙවියාගේ දෙපා නමදිද්දී ' ඇයි කොල්ලෝ මේවා මතක් කලේ...වැදගත්කමක් නැති දේවල්..' කියද්දීය. 

ජයවර්ධන සර් මගේ අර ''ලිස්ට්'' එකේ එක්කෙනෙකි. සර් ඉතාම හොදින් ජීවත්ව ඉද්දීත් එහෙම කියන්නට මම බය නැත. 

ඉතින් මා අවාසනාවන්තයෙකු බව ඔබ සිතන්නේද...!!

10 comments:

  1. සපත්තු කතාව මම කලින් කියෙව්ව‍ෙ

    ReplyDelete
  2. මම උඹේ ආත්මකථන වලට ඇත්තෙන්ම කැමතියි. තමුන්ව නිර්වින්දනය නොකර තමාගෙම සැත්කම තමන්ම කර ගන්න මිනිහෙක් උඹ.

    ReplyDelete
  3. හැමදාම ලියන හැමදේම කියෙව්වත් කමෙන්ට් නොකරන්නේ ලියා ගන්න දෙයක් හිතා ගන්න බැරි වෙන නිසා...
    අදත් ඇස්දෙක කඳුලෙන් පුරෝගෙන මනුස්සකම ගැන කියෙව්වා...

    ReplyDelete
  4. ඔහේනම් හැබෑ වාසනාවන්තයෙක්.

    ReplyDelete
  5. හිතෙන හැම දේම ලියන්න බැරි බව උඹ හැමදාම කියල දෙනවා මචං.....

    ReplyDelete
  6. "වාසනාවන්ත" නම හැදිච්ච හැටි නම් මටත් මතක නැහැ. අනිත් අයට ගෙදරට කියන නම් හැදුනු හැටි නම් මතකයි. ජයවර්ධන සර්ට නිදුක්, නිරෝගී සුවය පතමි.

    ReplyDelete
  7. ඔයාගේ යාල බොස් මේ බ්ලොග් එක කියවන බව කියන්න කිව්වා. ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  8. කිව්වාට තරහ වෙන්න එපා. මට බොලාගේ තාත්තාවයි මිනහාගේ සමාජවාදෙයි දෙකම බල්ලේක දාපු වමනෙ වගේ. තුහ්.

    ReplyDelete
  9. මටනම් තාත්තා තාත්තාමය. ඔහු පසුකාලීනව තම ජීවිතය වෙනස් කරගත්තේය. එහෙම වුනු එක කොයිතරම් හොදද..එහෙත් දෙවනුව කී සමාජවාදයටත් එයම කරපින්නා ගත් බොහෝ අයටත් මග වෙනස් කර ගත නොහැක හීනමාන ගතියක් තිබ්බේ ඇයි කියා මම නොදනිමි. ඔබ මා දන්නා මහානාම ගුණසේන නම්...තාත්තා බොක්ක හොද එකෙක් බව දන්නවා ඇත්. ඒ නිසා ඔබේ කමෙන්ටුව නැවත කියවන ලෙස තරහක් නැත්නම් ආරාධනා කරමි.

    ReplyDelete
    Replies
    1. ගුණසේන මහනාම කියන්නේ හිටපු යූනියන් ලීඩර් කෙනෙක්නේ. තාත්තා එක්ක සම්බන්දකම් තිබුනේ ඒ අයට. මම හිතන්නේ මේ අදහස මහනාම ගුණසේන කියලා මහත්මයෙකුගේ.

      Delete