Sunday, December 18, 2016

කොලු සීන්..



හය එෆ් සහ ඊ වෙන්වී තිබුණේ 'පිට' එවුනටය. ඇතුලේ පරණ එවුන් ඒ බී සී ආදී වශයෙන් තවත් පන්ති හතරක බලය අල්ලාගෙන  සිටියේය. ඔවුන් බාලංශයේ සිට මේ දක්වා ඉස්කෝලේ ආ එවුන් වූ අතර අප බොහෝ දෙනෙක් පිට පසල්වලින් ආ අය වූහ. මම ජයසින්හෙන් ආ එකම ලමයා වූ අතර..හයිලන්ඩ් එකේ කොල්ලන් හතර පස් දෙනෙක් දෙනෙක්ද..කළු අග්ගල පැත්තේ තව කිහිප දෙනෙක්ද අතරට දෙහිවල මහරගම පැත්තේ ඉස්කෝල වලින් ආ බොහෝ දෙනෙක් සිටියේය. පන්ති නාම ලේඛණයේ නොම්බර එක හිමියා අද ප්‍රධාන පෙලේ බැංකුවක විධායක නිළධාරියෙකි. හතරවැනියා දොස්තර කෙනෙකි. පස්වැනියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්තාපන කදවුරකය. මා නිල්පාට ඕපල් කාර් එකේ එක්කාගෙන ගිය කොල්ලා පත්තර කතු තුමෙකි. මට උඩින් නොම්මරයේ උන් එකා හමුදාවේ උසස් නිළධරියෙකි. මට පහලින් නොම්මරේ ඇති එකා කෝටිපති ව්‍යාපාරිකයෙකි.  අනෙක් බොහෝ දෙනෙකු යුරෝපයේ රස්සාවල් කරමින් හොද ජීවිත ගතකරන බව අසන්නට තිබේ. ලංකාවේ ඉන්න අප හමුවුනොත් හමුවන්නේ කාගේ හෝ අම්මා තාත්තා කෙනෙකුගේ මල ගෙදරකය. එදාට අප මලගෙදරට ලගපාත තැනක  'සෙට් වී' මලගේකට නොව මගුල් ගේකට ආ ලෙස හැසිරෙන්නෙමු. මා එහි වරදක් දකින්නේ නැත. එහෙම මලගේකට යන්නට පෙර 'පොඩි එකක් ' දාගෙන යන පොරොන්දුවෙන් බොරලැස්ගමුව පැත්තේ හෝටලයකට වැදුනු අප ගියේ පහුවෙනිදා මල බතටය. ඒක නම් ලොකු වරදකි. මේ යාලුවා අදත් මැරුණු අම්මා මතක් කර අපට බනිති. ඒ බැන බයිට් නැතුව නං බෑ බන් කියති.

 ඒ කාලෙත් මෙච්චර ඇඹිට්ටෝ වීත් පන්ති බේදය ජයටම තිබ්බේය. ඒ නිසා කැන්ටිමේදී අපිව පැත්තකට තල්ලු වී ගියේ 'ඇයි මොකෝ..!' ජාතියේ බැල්මක් හෙලමිනි. නාම ලේඛන ගන්නට විදුහල්පති කාර්යාලයට ගිය විට අපේ පන්තිය නම ඉදිරිපිටින් අත්සන් කොට පියන් අංකල් පටලවා අපව රස්තියාදු කලේය. වතුර බොන්නට ටැප් එකට කට තිබූ සැනින් කරාමය කරකවා අප නැහැවුයේය. එහෙත් අප බලාපොරොත්තු නොවූ තව දෙයක් මේ වන විට සංවිධානය වෙමින් පැවතුනු බව අප දැන සිටියේ නැත.
 අද හයේ පන්තියේ ඉන්නා මගේ දරුවා දෙස බලන මට එදා හයේ කොල්ලන් මැවී පෙනේ. අපේ එවුන් මෙච්චර අහින්සක නොවී එදා ජාතියේ  කොල්ලන් වාගේ ඉන්නවාට මම ආසාය. එය බැනුම් අහන ජතියේ ආසාවකි. කොලුකමේ රඟ...
කෙසේ හෝ මම එදා පන්තියට ගිය විට කොල්ලන් වෙනදා නැති සතුටක උන්නේය. හේතුව උදා වරුවේ ගුරු රැස්වීමයි. ගුරු රැස්වීමට යන්නට පෙර පන්ති බාරව සිටි ගුරුවරිය පළමු පාඩම බලාගන්නා ලෙසත් රැස්වීම අවසාන වූ වහාම ප්‍රශ්න අහන බවත් කියා යන්නට ගියාය. මේ වන විටත් පන්ති නායකයෙකු තෝරා අවසන් වී තිබූ අතර මේ කොල්ලා කේලාම් කීමේ සම්ප්‍රදායෙන් බැහැරව 'අපේ පැත්තේ' සිටීම අප හැමගේ සතුටට හේතු විය. ඒ නිසා පාඩම් පොත් යලි බෑගයට ගියේය. ගුරුවරිය යන්නට ගියාය..මේ වන විට ඉස්කොලේ පටන් අරන් වැඩි කාලයක් නැති නිසා අපට පාසල වටපිටාව පිළිබද ලොකු දැනුමක් තිබුනේ නැත. මගේ පන්තිය මායිම හා ඒකනායක මාවත අතර පරතරයේ ඉපිල් ඉපිල්ගස් හිටවා සෙවන දී තිබූ අතර ඉපිල් ඉපිල් කොල වැටී බිම හැම තැනම දුඹුරු පාට වී තිබුනේය. සමහර දාට ලොකු හුලං පාරක් සමග මේ ඉපිල් ඉපිල් අපේ පන්තියට දැල් අස්සෙන් ගසාගෙන එයි. එය වරුවක් වැඩ නැවැත්තීමට සමත්ය. 
මේ කාලයේ අප එකිනෙකා අදුනාගමින් සිටි අවධිය නිසා ලොකු කෑ ගෑමක් නොතිබුනු අතර එදා මේ කියන වෙලාවේ හදිසියේ අපේ පන්තියේ දොරට කවුරුදෝ පයින් ගැසුවේය.ඉන් ඇතුලට ආවේ ඩී හෝ සී පන්තියේ කොල්ලන් රැනකි. එකෙක් 'කෝ තොපේ මොනිටර්..'කියා ඇසුවේය. අපේ මොනිටර් අහින්සකයා අත උස්සනවා සමග 'මෙහෙ වර..!' කිය තගරියක් දැම්මේ මේ රෑණේ ලොක්කා වන කොල්ලාය. ' හරි...! අලුතෙන් ආපු එවුන් සින්දුවක් කියපන්'  කීවේද ඔහුමය. අප කිසිවෙකු සින්දුවක් තියා හ්ම් කියාවත් කතා නොකෙලෙමු. 'තොපි අපේ ඉස්කෝලෙට පිටින් ඇවිත් ලොකු සීන් බෑ...හරිය..!!! කිව්වෙත් ඔහුය. අපට ලොකු සීන් තියා මේ ඉස්කෝලේ ඉමක් කොනක් නොදන්නා 'අතරමං සීන්' එකක් තිබුණු පිරිසක් විය. එහෙත් චණ්ඩියා මොන මොනවාදෝ කිය කියා ඉන්නා අතරේ එකවරම 'හුණු කොට්ටේ' උඩින් ආවේය. ඇවිත් අර චණ්ඩියාගේ මූණේ වැදුණේය. හුණු මූණේ වැදීම ලේසි නැත. හුණු ඇහේ වැදී අර චණ්ඩියා නම් කීපයක්ම කෑ ගාමින් පන්තියෙන් එළියට පැන්නේය.. නම් අඩ ගෑවේ මට ගැහුවා කියන්නටය. ඒ ක්ෂණයෙන් තව හතරක් පහක් පන්තියට පැන්නේය. දැන් පන්තියම එකම ගුටි කෙළියකි. අතින් පයින් ගහගන්නා උන්ද..බිම පෙරලගෙන දූවිළි නානා උන්ද තරගෙට ගහගනිති. ඒ අස්සේ හුණු කොට්ටේද සුදු හුණු වලින් අප නහවමින් බිත්තිව්ල වැදී වැදී විසික් වෙයි. අලුත් හුණු කොට්ටයක් මසාගෙන එනතෙක් කළින් පන්තියේ ළමුන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරන්නට ඇති හුණු කොට්ටේ අපටම කල හූනියමක් බදුය. අන්තිමේ පසුපස මේස වල නැග මේ සෙල්ලම බලා ඉදි අපට ඉපිල් ඉපිල් ප්‍රහාරයක් එල්ලවුනේය. වේළුණු ඉපිල් ඉපිල් කොල අහුරු පිටින් ගත් අනෙක් කොල්ලන් අපේ පන්තියට අත හැරියේ 'නරක වචන ' ද කියමිනි. ඒ මැද්දෙන් 'ඔය බලං ඉන්න එවුන්ටත් ගහපල්ලා' කී සැණින් මටත් ඩෙස් බංකුවක් යට වැටෙන්නට එකෙක් ගැහුවේය.ඒ එක්කම කාගේදෝ කටහඩක් ඇසී රැග් දෙන්නට ආ කොල්ලෝ දුවන්නට ගත්තේය. අප පන්තියේ ඉතුරු වුනේ මහා සුළි සුලගක් විත් මේ දැන් නතර වුනා සෙය.
අපේ කළබලය ඇසී පන්තියට ඇවිත් තිබුණේ ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙකි. ඔවුන්ට අපේ අවනඩුව තේරී තිබුණේය. එහෙත් පලමු දේ පලමුවය. පන්තිය අස් කරන්නට ඕනෑය..අතු ගාන්නට ඕනෑය..කමිස බොත්තං කැඩී ඇති එවුන්ට 'ස්කවුට් රූම්' එකෙන් මහගෙන එන ලෙස යැවිණි. හුණු කොට්ටය නවැත කලු ලෑල්ලේ ඇනයේ එල්ලා තැබිණි. ඉන්පස්සේ වුනේ මොකක්දැයි උසස් පෙළ පන්ති වල ඉන්නා එවුන් වන්නට ඕනෑ අය්යලාගෙන් ප්‍රශ්න වැලකි. අපි අතිනුත් බොරු දමා කීවෙමු. එහෙත් ඉන් එක කොල්ලෙකුගේ හෝ නම් අප දැන සිටියේ නැත.
 (මේ එක කොල්ලෙකු ගැන මට මේ ලගදී හමුවූ මිතුරෙකු කීවේ විශ්වවිද්‍යාළයේ නවක වදයට අසුවී මානසිකව ලෙඩ වී අධ්‍යාපනයද කඩාකප්පල් කර දමාගෙන දැන් තෝන්තුවෙන් මෙන් ඉන්නා බවයි. ඔහු පාසලේ දක්ෂ ශිෂ්‍යයෙකු බව මට මතකය. දෛවයේ සරදම නම් එහෙමය. )
අන්තිමේ හදුනාගැනීමේ පෙරට්ටුවක් තිබිණි. සී හා ඩී පන්තිවලට ගොස් ගහන්නට ආ කොල්ලන් හදුනාගන්නා ලෙස අපට නියම කෙරිණි. ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඊට කලින් ' සමහර දේවල් අදුනාගැනීමෙන් පලක් නැති බව මතක් කරමි' කියා අවවාදයක් දුන්නේය. ඒ අනුව යමින් අප කිසිවෙකු අදුනා ගත්තේ නැත. පන්තිබාර ගුරුවරිය ' ඔයගොල්ලෝ ගෑනු ඉස්කෝලවලින් ආ අයදැයි අසා ' බයගුල්ලෝ' ලෙස අපව බෞතීස්ම කලේය. කලේය. ඉන්පස්සේ  පන්තිබාර ගුරුතුමියගෙන් සමාව ගන්නට අර කී පන්ති දෙකේම කොල්ලන් ආ අතර සිද්ධියට සම්බන්ධ නැති අය පෝලිමේ එන ගමන් 'වලියට' ආ අයට දෙහි කපනු අප දැක්කෙමු. අප උන්ට හිනාවුනෙමු..එහෙත් වැඩි වෙලාවක් හිනාවන්නට ලැබුනේ නැත. අපටද පෝලිමේ ගොස් අර පන්ති දෙකෙම ගුරුවරුන් ගෙන් සමාව ගන්නා ලෙස අණ කෙරිනි. විනය බාරව සිටි හාමුදුරුවන් පැමිණ චූ යන්නට බැන්නේය. එදා අපට ගහන්නට ආ එවුන් පසුව පන්ති මිශ්‍රකර අපේ පන්තිවලට පැමිණ අපේ හොද මිතුරන් වූහ. එහෙම එකෙක් මේ ලගදී..'අඩෝ... උඹට එදා මං ඩෙස් එක යට දාගෙන ගහපු එක මතකදැයි ..'ඇසුවේ හොදටම වැඩිවී මගේ කරේ එල්ලීගෙනය. එදා ගහගත්තේ නැත්නම් අද අප මේ තරම්වත් මිතුරුදම් තබාගන්නේ නැති බව මට විස්වාසය. එයත් බැනුම් අහන්නට පුලුවන් කාරණයකි...මට ඒ ගැන සතුටුය...
කොලුකම ඉතා හොදය...

21 comments:

  1. //එයත් බැනුම් අහන්නට පුලුවන් කාරණයකි...මට ඒ ගැන සතුටුය...
    කොලුකම ඉතා හොදය...//

    ඒ කොලුකම අපිව ජීවිතේ පුදුම තැන් වලට ගෙනිච්චා. ඇරුම පුදුම අත්දැකීම ලබාදුන්නා. දැන් මතක්වෙනකොට ඇහැට සතුටු කඳුලක් එක් කරන්න තරම් සුන්දරවම.....

    ReplyDelete
  2. ගස්ලබ්බලා වතාවක් ඔහොම 'අපි මාතර' සෙට් එකක් එක්ක වලියක් දාගත්තා.දෙක තුනක් ඇනගත්තත් රැග් සීසන් එකේ නිසා කේස් එක එලියට ඇදුනෙ නෑ.පස්සෙ දෙගොල්ලො එකට දාල රැග් කලා සින්නො.වෙල්කම් එකෙන් පස්සෙ තිබුන හැම පොදු සාමුහික වැඩක්ම පාහේ කලේ අපි සෙට් එක එකතුවෙලා.පලුදු නොවුන බැඳීමක් උනා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නුගේගොඩ පාස් කරන ස්කූල් බස් වලට 'අපි නුගේගොඩ' පාට් දාන්න ගිහින් ඉල්ලන් කාලා තියනවා මලේ...සන්තෝසයි හැබැයි

      Delete
  3. ඉස්කෝලේ කාලෙ වගේම ඉන් පස්සෙත් අනන්තවත් වලි සීන් වලට පැටලුණත් මං කාගෙන්වත් ගුටිකන තැනට ඇවිල්ලා නැහැ.. මාත් කාටවත් ගහලා නැහැ...

    කනේ පාරක්වත් කන්න බැරිවුණා ඉස්කෝලෙදී... ඒක එක පැත්තකින් අවුලක් තමා....

    ඒ වුණාට වලි මැද්දේ අනන්තවත් මැදි වෙලා තියෙනවා...
    ඉස්කෝලෙදී එපාම කරපු එකෙක් විදියට මාව අඳුනගෙන තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනෙප්පලයන් යන්ඩ බොරු නොකිය.

      Delete
    2. නුගේගොඩ පාස් කරන ස්කූල් බස් වලට 'අපි නුගේගොඩ' පාට් දාන්න ගිහින් ඉල්ලන් කාලා තියනවා මලේ...සන්තෝසයි හැබැයි

      Delete
  4. උඹලගේ අයියා නම් දන්නවා අමරදාස සෑර් ගැන..

    දවසක් මායි තා එකෙකුයි ඩෙස් පුටු බංකු පෙරලෙගන මරා ගත්තා දෙන්නටම ඩැමේජ්...

    හවස අමරදාස සෑර් ඉන්කුවාරි එක තිබ්බා.. අරූට වේවැල් පාරවල් 33 යි මට 28 යි... ගනන් කලේ දෙන්නගෙම හොඳම යාලුවා.. ඌ ඇස් ටී ඇෆ් ලොක්කෙක්.. ගහගත්ත එකා විශේෂඥ වෛද්‍ය..

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා මම දන්නවා. පුදුම හොඳ මනුස්සයෙක්. ඒ දඬුවම් දීපු මනුස්සයා ඇතුලේ රත්තරන් හදවතක් තිබුනා. මට ඔහු පිලිබඳ අපූරු කතාවක් තිබෙනවා. ඒ කතාවට ලින්ටන් සර් රුත් සම්බන්දයි. අමරදාස සර් ගුරු දෙවියෙක්. දෙය්යෝ පල් වුනාට, මේ අය පල් වුනේ නැහැ.

      Delete
    2. ඒකට අපේ දැරැණියගල සර්..පන්තියට ආවා..පාඩම පටන් ගත්තා...කෝකිළයා මොකක්දෝ සුළු කුපාඩි කමක් කරා...කලිසමෙන් ඇදලා අරන් බිත්තියට හේත්තු කරලා චට පට ගෑවා...එදායින් පස්සේ බුදු අම්මෝ සින්හල තිතට පාඩං... සීනීයර් එවුන් ' දැරණියගල සර් උඹලට තාම පලවෙනි පාඩම කලේ නැද්ද..' කියල අහපු එකේ තෙරුම තමා ඒක..

      Delete
    3. අමරදාස සර් ගැන නම් වචන නැහැ. එදා ප්‍රසිද්ධ දේශපාලකයෙක් ගෙ පුතෙක් වෙච්ච අද දේශපාලනයේ ඉන්න මගේ හොඳම යාලුවෙකුත් මමත් අතර ගිය ගුටි හුවමාරුවේ දී ඔහු ක්‍රියා කළ විදිය මට තාම මතකයි.
      තාත්තලා කරන වැඩ ඉස්කෝලෙ කරන්න බැහැ කියලා තමයි ඌට ගැහුවෙ..

      Delete
  5. ඉස්සෙල්ලාම පොඩි චෝදනාවක් වගේ යෝජනාවක් ගේන්නම්. මේ ටයිප් කිරිල්ල ඇතුලේ ඡේද වෙන් කිරීම නිවැරදිව කරන්න. දෙක ඔබේ ලිවීමේ ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් වෙලා. මම පෞද්ගලිකව කැමතියි ලියාගෙන ආපු ස්ටයිල් එකට. මේ බව මගේ සුදුහාමිනෙත් මට කිව්වා. පෝස්ට් එකට අදාල කමෙන්ට් එක තව පොඩ්ඩකින් දාන්නම්. අපි දැන් වයසයිනේ. කිසි දෙයක් එක පාර බැහැ :

    ReplyDelete
    Replies
    1. ස්තූතී ...ලියාගෙන ලියාගෙන යනකොට එඩිට් කරන්න කම්මැලි කමක් එනවා..ඒකෙන් තමයි ඔක්කොම අවුල් වෙන්නේ...මේ දවස් වල නිදහස අඩුයි...අනිවා ඊලග එක ගැන අවධානය යොමු කරන්නම්...

      Delete
  6. කොලු සීන් කොල්ලෙක් වුනාම තියෙන්න ඕන. මටත් ඔය කොලු විසේ හොඳට තිබුනා. ඒකේ එක ප්‍රතිපලයක් තමයි හතේ පන්තියේදි මගෙයි සඳුන්ගෙයි ද්වන්ධ සටන. මට බඩගාන සයිස් එකට ගැහුවා. මමත් අත ඇරියේ නැහැ :

    ඒ මගේ හිතාදර මිත්‍රයා සඳුන් ගුණසේකර පසුව කරාටේ බ්ලැක් බෙල්ට් වගේ තත්වයකට ගියා. අපි තමයි ඉතින් මුලින්ම පන්චින්ග් බැග්ස් වුනේ. කොහොම වුනත් මේ සඳුන් තමයි, ඒ කාලේ ක්ලැන්සි ප්‍රනාන්දුව මරන වෙලාවේ ,ඔහුත් සමගම ඝාතනය කලේ. මේ අය ගැන කතා වෙනවා අඩුයි.

    රේනක උඩවත්තට සුබ පැතුම් අලුත් පත්වීමට. අපි එකට රෝයල් පටන් ගත්ත එවුන්. රේනකයි මමයි ගහගෙන නැහැ. කොලු කාලේ මරු ඕයි. මම තාම කොල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. මම මරු පොතක් කියෙව්වා හලෝ කාලෙකට ඉස්සෙල්ලා. නම මතක් වෙන්නේ නැහැ. පාරේ ඉන්න කල්ලෙක් ගැන. ඒක මරු පොතක්. දැන්නම් කීයකටවත් ඔලුවට එන්නෑ. මාර පොතක්.සොරි ඩොට් තමයි. එන්නෙම නැහැ. මතක් වෙච්ච දවසක කියන්නම්. ෆිල්ම් එකක් ආවද කියලා මතක නැහැ. හැබැයි පොතම ස්ක්‍රිප්ට් එකක් වගේ.

      නිකං ඉන්න වෙලාවක මේ පොත කියවන්න, The Hundred-Year-Old Man Who Climbed Out of the Window and Disappeared
      by Jonas Jonasson

      Delete
  7. අයියෝ ඒ කාලේ ගුටි නොකැවනං තමයි අවුල

    ReplyDelete
    Replies
    1. ඔය කොයි චණ්ඩියත්, චණ්ඩි වෙන්න කලින් ගුටි කනව කියලා නියමයක් තියනවනේ...

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඇත්තටම ඔබේ ලිවීමේ ස්ටයිල් එක වෙනස් කලේ ඇයි? කලින් විදියයි රහ මට නම්...

    ReplyDelete