Saturday, November 5, 2016

පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.











 පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.

දෙහිවල කීවාට හරියටම සත්තුවත්තේ පිටුපසය. මේ පාරවල් ගැන මට ඒ තරම් මතකයක් නැත. එහෙත් දෙහිවලින් පානදුරට යන කාලේ මට මතකය. දෙහිවල ගෙදර, සත්තුවත්තේ ලැබ් එකේ වැඩ කල අය්යා කෙනෙකු බැදගත් අපේ අම්මාගේ ඥාති දුවක් උන්නාය. ඈ අපේ අම්මාට 'පුංචි' යැයි කීවාය. එහෙත් 'ලොකුවට' අපේ අම්මාට හා අපට ආදරය පෙන්වූවාය. පෙන්වූවා නොව දැනෙන්නටම ආදරය කලාය. මගේ ඉස්කෝලේ නිවාඩුව එහිද ගතවී ඇති බව මම කලින් කියා ඇත. වෙනදා මෙන්ම අම්මා එක්ක ඇවිත් හොටු හූරාගෙන ආපහු යන්නට ඕනෑ කීවාට නිවාඩුව අන්තිමේ තව දවසක් ඉන්නං යයි අඩන්නේද මමමය. මේ ඥාතී දුවට අපි අක්කා කීවෙමු. ඇයට 'බරපතල' කටක් තිබ්බාය.මොනවා හරි කියන්නට ඕනෑ වූ විට ඈ ඉනටත් අත්දෙක බැදගෙන ලොකු පොඩි බේදයක් නැතුව 'දුවන්නට ' දුන්නාය. ඈ වැඩිපුරම ආදරේ අපේ තුන්වැනි අය්යාටය. ඒ අය්යාගේ නිත්‍ය නවාතැන ඒ ගෙදර විය. පස්සේ කාලෙක අයියා වෙනුවට පානදුරේදී මා එහි 'රෙජිස්ටර් මෙම්බර්' කෙනෙක් වුනෙමි.

සත්තුවත්තේ පිටුපස්සේ මේ තිබුනේ ක්වාටර්ස් යැයි මම සිතමි. කෙසේ හෝ සත්තුවත්තේ නිදහස් කලාපේ මායිමේ ලොකු කන්ද කැපූ තැන මේ ගෙදර තිබුනා මට මතකය. මම බොහොම පොඩි කාලේ නිසා මට දෙහිවල මතක අඩුය. එහෙත් ඒ ගෙදර කුස්සියට මෙහායින් ලොකු වතුර පුරවන ටැංකියක් තිබුනා මතකය. ඒ දවස්වල මගේ ඉනේ ගානට උසට තිබූ මේ ටැංකියේ වතුර නොකඩවා ගලා එන කරාමයක්ද තිබුනා මතකය. මේ ටැංකියෙන් නෑමට, මූන කට අධෝබාග හේදීමට සහ ගස්වැල් වලට වතුර ගත්තා මතක ඇතත් ඉවුම් පිහුම් වලට ගත්තා නම් මට මතක නැත. කෙසේ හෝ මේ ගෙදර හොදට කන්නට බොන්නට තිබුනා නං ඉරහද වගේ මතකය. ඒ අතරේ හැම නිවාඩුවකම මේ ටැංකිය සුද්ද කරන ' රජ මගුලක් ' එයි. එකල මේ අක්කාට හිටියේ එක ලමයෙක් වෙන්නට ඕනෑය. ඔහුද මට වඩා බාලය. අපි දෙන්නා එදාට 'ලමයින් ' වාගේ හැසිරෙන්නෙමු. කොට කලිසං ඇදගෙන අක්කාගේ සුපරීක්ෂාව මැද අපි මේ අඩි දහයක් විතර දිග හතරක් විතර පලල ටැංකියේ දියබුං ගහන්නෙමු. එහා මෙහා පිහිනන්නෙමු. වැඩි වෙලාවක් දිය යට ඉන්නේ කවුදැයි නහයවල් වසාගෙන පෙනහලු රිදෙනකං ඉල්ලං කන්නෙමු. ගමේ බන්ට් එකේ හා ඇලවල් වල දගලපු දැගලිලි වලින් හැමදාම මෙහිදී ජයගත්තාට පහුවෙනිදා දනිස් අතපය සිමෙන්තියට හීරී 'දන්නට' ගන්න එක ඉවසන්න බැරිය. එහෙත් ඉවසීම ඕනෑමය. නැත්නම් ඊලග නිවාඩුවේ මේ සෙල්ලම නතර වෙන්නට පුලුවන. අන්තිමේ අපි දෙන්නාට පාන් කියාගන්නට බැරි වෙලාවට අක්කා ලස්සනට එක කොනක් කපා කෙදි බුරුල් කල පොල් ලෙලි බ්‍රෂ් එකක් දෙන්නේය. මාස දෙක තුනක් තිස්සේ බැදි දියසෙවල අතුල්ලන්නට ලේසි නැත. කොහොම හරි මේ සෙල්ලම ඉවරවී නාගෙන කලිසමක් කමිසයක් දාගෙන බත් පිගාන අතට ගන්නවා පමණය. සවල් ගැහුවා සේ අපේ බඩවලට තත්පර තුනකට අඩුවෙන් හිස්වෙයි

මේ ගෙදර අපට කවදාවත් වෙනසක් උනේ නැත. ඒ අක්කා වෙලාවකට කෝටුවෙන් අරුන් දෙන්නා මරන්නේ මටද දැනෙන ලෙසය. එහෙත් ඒ උන්ගේ වැරදි වලට මිස මගේ ඒවාට නොවේ. බොහෝ වෙලාවල්වල ඈ 'මෙලෝ පාඩමක් නොකර පන්තියේ පලමුවැනියා වන මා ආදර්ශයට ගන්නා ලෙස උන්ට තරවටු කලාය. අක්කා හිතා හිටියේ මම ගෙදර ප්‍රශ්නත් කෑම බීම හා අනෙක් කළමණා අහේනියත් පාඩමකට ගෙන හොදට පාඩං කර පලමුවැනියා වෙනවා කියාය. එහෙම කෙහෙල්මලක් මට එදා තිබුනේ නැත. එහෙම තිබුණානං කටවල් ගද කොණ්ඩෙ බැදපු එවුන්ට කන්න දෙන්නට වෙන්නේ නැත. එකම දේ ජයසින්හේ මගේ පන්තියේ හිටියේ 'ජාතික මැට්ටන් විශේෂයක්' වීම‍ය. ඒ අතරේ මට හීනීයට පොඩි මොල කෑල්ලක් තියෙන්නට ඇත. හැබැයි අද තව වෙනකං පපුව හොද එවුන් දැක්කේ ජයසින්හේ විතරය. මං ජයසින්හෙට ආදරේය ඒත් ජයසින්හේ ඉගෙනගන්නට පුලුවන්කෙනෙකුට හිටියේ මගේ අක්කා විතරය. ඈ ශිෂ්‍යත්වේ සමත්ව නුගේගොඩ අම්මා ඉගෙනගත් බාලිකාවට ගිය දා ලමයි පමනක් නොව ටීචර්ලාද ඇඩුවා මට මතකය.


කෙසේ හෝ මම මගේ ජානවල තියෙන ගති අත නොහැරියෙමි. අක්කා සත්තුවත්ත පැත්තේ යන්නට එපා කියද්දී මම ඔහේ ඇවිද ගියෙමි. ටිකට් ගන්නට වුවමනාවක් තිබුනේ නැත. ඒ අය්යාගේ නුගේගොඩ ඥාතී බව සේවකයෝ දැන උන්නේය්. ඒ නිසා අලි කොටි වලස්සු නයි පොලොං ඇතුලු උඩින් බිමින් හා වතුරේ යන හැම සතාම වරු ගනන් බලං ඉද ගෙදර ආවෙමි. සමහර දාට වැඩකරන අයට පොඩි අත් උදව් දුන්නෙමි. සත්තු වත්තේ කැන්ටින් හතරක් තිබ්බා වගේ මට මතකය. ඒ හැම කැන්ටිමකම එල්ලා තිබූ පොඩි පොඩි කෑම ජාති රසවත් ඒවා බව මම දැන සිටියෙමි. එහෙත් කොණ්ඩේ පොඩ්ඩක් හා ලොකු තට්ටයක් තිබූ ඒ අය්යාට සත්තුවත්තේ සේවකයන්ගේ නම්බුව රැකෙන පරිදි 'සෙල්ලං ' නොදා ඇසෙන් හිතෙන් පමණක් රසවින්දෙමි.සුද්දෝ කන බොන, මම පැත්ත පලාතේ නොයන 'මේං සයිස්' තැනක්ද තිබ්බ මතකය.

දැල්වල එල්ලී වෛවාරණ කුරුල්ලෝ බැලුවෙමි. ගුහා වලට එබී වලසුන් සිංහයන් එහා මෙහා යන මහා කම්මැලි ගමන නැරඹුවෙමි. අතරමං වෙයිදො බයෙන් අතෙන් බඩෙන් විතරක් නොව ලැජ්ජ හිතෙන තැන්වලින්ද අල්ලන් පරිස්සමට යන ලොකු ජෝඩු අතරේ මමද ඇවිද ගියෙමි. ගෙදරදී හොයාගන්නට බැරිවද කොහෙදෝ මල්ගස්, තාප්ප කොට,රිලා කූඩු  අස්සේ මුවාවී කොලපාට කොට කලිසං අදින සත්තුවත්තේ අයගෙන් බැනුන් අහ හා අක්කලාගේ ගවුන් අස්සේ මොනවාදෝ හොයන අය්යලා දුටුවෙමි.  හිත පිරෙන්නට බලා ඇවිදින් බඩ පිරෙන්නට අක්කාගෙන් බැනුම් ඇහුවෙමි. එයා ගැහුවනන්ං හොදය කියා ඒ දවස්වල මම හිතුවෙමි. එහෙත් අක්කා අනුන්ගේ ලමයෙක් ගැන  නිසා මං ගැන අවදානයෙන් හිටියාය. අනෙක අය්යාගේ රස්සාවට කැලලක් උනොත් යන බය තියෙන්නට ඇත. ඒ මල්ලිලා නං මං තරං සත්තුවත්ත 'වින්දේ' නැති බව සහතිකය.

මේ අක්කා අය්යාට කියා අපේ දෙවැනි අය්යාව සත්තුවත්තේ අස්සයන් බලාගන්නට රස්සාවක් කතාකරගෙන අම්මා මුනගැහෙන්නට අපේ ගෙදර ආවත්, ' අනේ ඌ ඔය සත්තු බලන්නේ කොහොමද කියා' අම්මා බෑම කීවාය. පැන්ෂන් එකකුත් තිබුණු මේ රස්සාව අතහැරීම ගැන අක්කා ඇගේ පුංචි අම්මාට දොස් කීවා මට මතකය. ජීවිතයේ වැරදි වෙයි. සමහර වැරදි හදාගන්නට බැරි ජාතියේ වැරදි වී ජීවිත විනාස වෙයි. එදා දෙවැනි අය්යා සතෙක් බලාගත්තානම් සමහරවිට මීට අවුරුදු ගනනකට පෙර 'සතෙක්' මෙන් ජීවිතය නොගෙවන්නට තිබිණි. එහෙත් මා දන්නා දෙය නම් අම්මාගේ ආදරයයි. ඈ අප හත්දෙනාට හා තාත්තාට මුලු ජීවිතයම කැප කොට ආදරය කලාය. තවමත් එහෙමය. අබ මල් රේණුවක හිතේ අමාරුවක් නැතිව තාමත් ඈට අප පුංචි එවුන්ය. මම මෙවර උපන් දිනය දා මගේ වයස කී විට..ඇස් දෙක ලොකු කරන් ඈ මට ලියා දුන්නේ මෙච්චරය.
 ' අනේ මේ බොරු නොකර ඉන්න..ඔයාට තාම 30ක් නැතුව ඇති.''

අදට මේ ඇති.. දෙහිවලින් පානදුරට යන්නට ටික වෙලාවක් දෙන්න...





41 comments:

  1. ////ඈ අප හයදෙනාට හා තාත්තාට මුලු ජීවිතයම කැප /////////

    කාවද කැපුනේ ....මාවද..

    ReplyDelete
    Replies
    1. හේහ් හේහ් මේක මාර ආතල් ඔයි ....මේ ඒ උඋනාට උඹට සමාව නං හම්බෙන්නේ නැ .....මට අර උඹ කැමතිම ( වැඩි පුරම කියන වචන තුන ) ලියන්ඩ හිතෙන්නෙ නැ )

      Delete
    2. කෝ අරූගෙ කතාවෙ ඉතිරි ටික??????????????????

      Delete
  2. පොඩි අත් වැරද්දක් ...දැන් හරි

    ReplyDelete
    Replies
    1. අපේ බලාපොරොතු කඩකරලා ලොකු එක දීලා අපිව හලල ගිහිං , වෙන වෙන තැංවලත් ලියල ඔය ඉන්නේ ....අපිනං දැං ඔය මනුස්සයට සර් කරන්නේ නැ , ඔයාට එහෙම බෑනේ අයියනේ ....ඔව්වා ගනන් ගන්ඩ එපා දිගටම ඌව හලලා ලියන්ඩ ...හෙහ් හෙහ්

      Delete
    2. ඔව්වා අපි කියෙව්වා ... ඔව්වා දැං පොට්ට කාසි ....හු හු අළුත් එව්වා නැතෙයි

      Delete
    3. //“ජීවිතය ක්‍රමයෙන් වයස්ගත වන විට නිමා කිරීමට හෙටක් නැත. ඇත්තේ මෙනෙහි කිරීමට අතීතයක් පමණි. කෙනෙකු තම අතීතය සතුටින් මෙනෙහි කරන අතර, තවත් කෙනෙකුට අතීතය දෙස හැරී බැලීම පවා වේදනාවකි. තම අතීතය දෙස පිරුණු සිතකින් බලනවුන් තම සිතට එකඟව ජීවත්ව ඇත. ඔවුන්ට සිතද එකඟය. පිරුණු ජීවිතයක් ඔවුන් සතුය. කම්පාවෙන් අතීතය දෙස බලන අයට ජීවිතය හරයක් නොමැති දෙයක් ලෙස පෙනෙන අතර තමන් ජීවිතයට ණය ගැති බව දැනෙන්නේ හුදෙකලාවූ සුසුම්ද තැවීම ද සමගය”//



      අටංට, ලොකු අය්යාට


      මේ ජයතිස්ස කුමාරගේ ගේ කතාව එක්ක මම එකග නෑ. මම ඇස් ඇරලා බලනකොට පේන්ඩ ඇත්තේ කේඩෑරි අම්මා කෙනෙකුයි ඊටත් වඩා හී ආච්චි කෙනෙකුයි හිනාම වෙන, ඒත් බඩගිනි බඩවල් තිබ්බ ලමයි හත් දෙනෙකුයි වෙන්න ඇති. සමහර විට නොවෙන්නත් ඇති. මොකද මම දකින්නේ ඒ මොහොතේ සිට ඊලග තිස් හතලිස් අවුරුදු ජීවිතයක් එක්ක. මම එක මොහොතක අවුරුදු දහය විතර කාලේ වේලක් කන්න නැතුව කලින්දා ඉතුරු වුනු සුදු බත් මිරිස් ගලේ කොටලා ඉතුරුවෙලා තිබුනු මිරිස් කෑලි එක්ක අතුල්ලන් කාපු කෙනෙක්. ලුණු දියකරලා ලූණූ කෑල්ලක් හප හපා අලි බත් පිගානක් කාපු කෙනෙක්. මා කලින් කී ජම්බු ගහේ අතුවල වාඩි වී 'කීං' ගගා බඩගින්නේ කෑ ගහන බඩගෙඩිය පුරවාගත් කෙනෙක්. නුගේගොඩ පිරිමි ඉස්කෝලේ මට කිව්වේ 'මපට්' කියල. ඒ තරං කෙට්ටු අතපය. ඒත් ඒ කාලෙත් තාත්තා උදේ වැඩට ගිහින් එනකොට කන පැලෙන්න බීලා ආවේ. කඩල පැකැට් එකේ ඉතුරු ටික කෑවේ අපි ආසාවට විතරක්ම නෙවෙයි. තාත්තා මාව නං කවදාවත් ලගට අරං ආදරේ කලේ නෑ, එයා දන්න ඉංග්‍රීසි මට නං කියල දුන්නේ නෑ..එයා බිව්වේ 'එකවුන්ට්' එකකට. ඒත් අම්මා අපිව අතඇරියේ නෑ. මේ කතා ඔක්කොම මම ලියනව.



      වයස වැඩෙනකොට මාත් මෙවා එක්ක වෛර බැන්දා. මම සුන්දර මිනිහෙක් නොවෙයි. මම එදා ඉදලා හිතා ගත්තා මම කවදහරි තාත්තාව පරාද කරනවා කියල. ඒක මහ නරුම අත්දැකීමක්. කිසිම දරුවෙක් තමන්ගේ තාත්තා කෙරෙහී එහෙම හැගීමක් ඇති කරනොගන්නේ යැයි මම ප්‍රාර්ථනා කරනවා.ජයතිස්ස එක්ක මම එකග නැත්තේ මට මගේ අය්යා කෙනෙකු හා ලොකු අක්කා ඇගේ දරුවන් පේන නිසා. මේ අයව මගේ පාරේ එක්කාගෙන යන්නට මම උත්සාහ කලේ නපුරුකමින්, මවාගත් උද්දච්ච කමෙන් සහ බොහෝදෙනෙක් අමතක කිරීමෙන්. ඒත් ඒ අය අර කී ජයතිස්සගේ වචන සමග හිරවුනා. මා තනිව මගේ ගමන ගියා. තනිව කීවේ කවුරුවත් නැතුව කාගේවත් උදව් නැතුව නොවෙයි, ඒ උදව් හා උපකාර එක තැන ඉද බුක්තිවිද ඉවරකරගන්නේ නැතුව මම ජීවිතය ඇදගෙන ගියා.



      මේ ගමන පුදුම දුෂ්කරයි. මම හිතෙන් පමණක් දුක්වින්දා..කිසි කෙනෙක් මා කවුදැයි හදුනාගත්තේ නහැ. මේ ජීවිත කතාව ලියන්නට මට ටාගට් එකක් තිබුනා. මා දන්නා මට සමීප එහෙත් එහෙත් මා සමග ජීවිතය ගැන වරු ගනන් කතා කල , 'මනුස්සයෙක් ' හිටියා, මේ මනුස්සයා අනුන් ගැන, අනුන් හිතන විදිය හා ඒ සිතිවිලි වෙනස් කරන්නට තමන් වෙනස් විය යුතු බව දනගෙන හිටියා. මා ගොඩදැමීම සදහා තම දරුවන්ට බලපෑම් කලා. මට ඉංග්‍රීසි උගන්නනට මා ඒ ගෙදර නවත්තාගෙන ඇයගේ මිතුරියක ලගට යැව්වා. 'ඔයා හැදුනොත්, ඔයා දියුණු වුනොත් අනික් අය ඉබේම ඒ තත්වයෙන් බාගයක්වත් ගොඩ එයි' කියලා මේ මනුස්සයා මට නිතර කීවා. මම හැදුනේ එතැන සිට. ඒත් මම මේවා කතාකරන්නේ නැහැ. මම ස්වභාවයෙන්ම කතා නොකරන එහෙත් අහන් ඉන්න කෙනෙක්. මම ඉන්ග්‍රීසිය කතා කරන්නට හා එයින් වැඩක් ගන්නට දගලන කාලේ ඒ ගෙදර මාත් එක්ක පොඩි පොඩියට ඉංග්‍රීසි කතා කලේ ඈ පමණයි. අනෙක් අය මා වරද්දන විට මට හිනාවෙන්නට බැරි කමට කතා නොකර ඉන්නට තීරණය කල විට ඈ මා සමග සරල ඉංග්‍රීසියෙන් කතා කලා. ඈ ගැන වෙනමම ලිව්වේ නැත්නම් මා සම්පූර්ණ නැහැ. ඒ නිසා මගේ නිවන් නොපතන ලිස්ට් එකේ සෝමා හෙට්ටිආරච්චි ට උඩින්ම තැනක් තියනවා.



      ඉතින් අටන් මම කියන්න උත්සාහ කලේ මම වෙලාවකට කම්පාවෙන් අතීතය දිහා බලන කෙනෙක්. ඒත් ජයතිස්ස නොදකින ජීවිත හරයක් මට තියෙනවා.මම මගේ ජීවිතයේ සමහර දේ ගැන දේ ගැන සුබවාදීව බලන එකක් නැහැ. ඒක බොරුවක්. තාත්තා බීලා සින්දු කියන එක මම වින්දේ නැහැ. අද මගේ දරුවන් මා 'වදින්නට' බොනකන් බලා ඉදින්නේ මගෙන් සින්දුවක් අහගන්නට.



      //හැබැයි ඔය දෙන්නම නොකරපු දෙයක් මම කරා ...හිතේ කැකැරෙන අතිතය හොයාගන ගියා ....ඒක හිතේ තියන සලකුනු එක්ක ...නොවැරදීම හොයාගත්තා ....සමහරක් වෙලාවට තාත්ත කරපු වැරදි වලට උත්තර බදිනවා වගේ එකකුත් කරන්ඩ උනාට ...කහටක් නැ ඒක හරිම රස අත්දැකීමක්//

      ඔය ගැන මම පොස්ට් එකක් හිතේ ලියලා තියෙන්නෙ...ඒක තව ඉස්සරහට

      Delete
    4. බොහෝම අඩුවෙන් කතා කරන ඔබව තේරුම් ගන්න වෙන්නේ මේ ලියවිලි හරහා. ඒ නිසා නොකඩවා ලියන්න. සෝමා හෙට්ටිආරච්චිලා මේ ලෝකයෙ නැති තරමටම වඳවෙලා ගිහින්. ඒ බව අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.
      ජයතිස්ස කුමාරගේ මට කියවන්න ලැබුනේ ඔබ දුන් පොත් සෙට් එකකින්. මගේ සිත්ගත් පොතක්.

      Delete
  3. අකුරු ටිකක් ලොකු කරමුද වැඩක් නැති වෙලාවක

    ReplyDelete
    Replies
    1. බැහැ.....කණ්ණාඩි දෙකක් ගනින්.

      Delete
    2. උඹට නෙමෙයි කියුවේ...දුප්

      Delete
  4. දැන්නම් අයිලලාට ගස් අස්සේ ඉඳන් අක්කලාට සත්තු පෙන්නන්න දෙන්නේ නැහැ නේද?

    දෙහිවල සතුන් වත්ත ආරම්භයේ සිට අද දක්වා ලද ප්‍රගතිය බොහොම අල්පයි.

    අර විදිහට රස්තියාදු ගසා, සමාජය නිරීක්ෂණය කිරීම, පසු කාලයේදී ජීවිතය ජයගන්න රුකුලක් වෙනවා.

    ReplyDelete
  5. //අය්යාට සත්තුවත්තේ සේවකයන්ගේ නම්බුව රැකෙන පරිදි 'සෙල්ලං ' නොදා ඇසෙන් හිතෙන් පමණක් රසවින්දෙමි//

    මට වෙලාවකට හිතෙනවා මම ඔය විදිහට පොඩි කාලේ හැසිරුනේ කොහොමද , කියල ( කවුරුවත් කියල නොදි තනියම හිතිලා ) දැං දැං ඒ වගකීම මගෙන් ගිලිහෙනවා කියලත් හිතෙනවා ....එතකොට මා ගැනම වරදකාරි හැගීමක් ඇති වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ වාගේම මං දැං දකින සමහරක් දරුවන් එහෙම තමන්ට දරාග්ඩ බැරි වගකීමක් ගන්නකොට දුක හිතෙනවා

      Delete
    2. මං ටිකක් නෙමෙයි ගොඩක් සැරපරුෂයි , මට එතනින් එලියට එන්න බැ , හැබැයි අර වගේ ( අර මං කියු ළමයින්ට වගේ නරක අත්දැකිම් නැති උනත් ) මගේ ළමයි මගෙන් කවර් වෙන්ඩ හදන කොට මට සතුටුයි , මොකද මං කැමති මං අදහන විදිහට මගේ ළමයි හැඩ ගැහෙනවා කියල හිතට දැනෙන සතුට සහ ....එතනින් එලියට ගියහම එයාල ඒක කවර් කරන්ඩ හදන කොට .....හැබැයි ආයෙත් දුකයි ....ඒයාලගේ සතුට ඒක නෙමෙයි නේද කියල හිතෙනකොට

      Delete
    3. මම මැද්දට පනිනවා එහෙම නෙමෙයි. හැබැයි අටමා කතාකරන්නේ හොඳ සබ්ජෙක්ට් එකක්.

      Delete
  6. මට මේක ගෝඩාක් දැනෙනවා බාසි ( මං හිතන්නේ මම නම සිංහලෙං කියුවා හරි )

    මම ඔයාල කවුරුවත් දැකලා නැ , ඒ උනාට මම අරුව දන්නවා ..අරූ තමයි මට ආදරෙන්ම කතා කරන්නේ ආමන්ත්‍රනය කරන්නෙම ...$ත්තෝ ....$රියෝ .....#කෝ ...

    මේ අහපං අටමා අඩෝ තෝ මං වාගේම @රියෙක් &ත්තෝ .....ඔන්න ඔහොමයි අයියා කතාව පටං ගන්නේ

    උඹ දන්නවද අයියා ලියන එක නවත්තලා , වැඩිහිටිකම අමතක කරලා මං උගේ ජාතිය ඇමතුවා .....ඒතකොට ඌ හෙන හෙන පොර ටෝක් ගොඩක් දීලා ...අන්තිමට කියුවා ....කවදහරි මගේ එකෙක් ඉන්නවා මම ලියපු නැති ටික ඌ ලියයි කියල ,

    ReplyDelete
    Replies
    1. එතකොට මං දැනං හිටියේ නැ , ඔයා ගැනවත් වත් , ( එතකොටත් ඔයා ලියලා ) ඔයා තල්දුවේ හිටියානං , මම හිටියේ පාරේ අනිත් පැත්තේ

      Delete
    2. ඒ කොහොම උනත් ඒ ජාතියෙම පොරක් වෙච්ච අපේ තාත්ත BAD P ව දන්නවා

      Delete
    3. BAD P කියන්නේ අපේ තාත්තා. උඹේ පියා අපේ පියාව දන්නවනං අහපන්. ඉහළ තල්දූවේදි ඔය කස්ටිය බඩ පිණුම් ගහලා ඇති. ඒ මිනිස්සුත් අපි වගේම හොඳට රස විඳපු මිනිස්සු කියලා මම හිතනවා. දුර්වල කම් හැමෝම ගාව තියෙනවා.

      Delete
    4. බ්ලොග් මාරයි , ඒකයි මට එහෙම හිතෙන්නේ

      අයියා මලෝ දෙන්නට මතකද වෙලෙං එගොඩහ ....මහතුං කියල කෙනෙකුට වෙඩි තියල මැරුවා ...මං ඒක දැක්කා ...පපුව ඉස්සරහිං චුටි හිල් දෙක තුනක් තිබුනා .... අනිත් පැත්ත හැරෙව්වහම ....පදාසයක් නැ .....අපේ අම්මල අක්කා කියන්නේ උන් කියන එක අහගන මම ඒක කියනවා මට ඒක මතක හිටින්ඩ විදිහක් නැ කියල ....මොකද උං කියන්නේ .... මට එතකොට අවුරුදු දෙකක් නැලු .....

      Delete
    5. BAD P කතාව මං ඇහුවේ ඔයා කියුවට පස්සේ අයියේ
      පැහැදිලි මතකයක් නැ ....සෙට් උන පොරක් කියලයි මතක , අපේ තරං තාත්තලගේ මතකය ෂාෆ් නැ , මං හිතන්නේ ඔයාගේ මල්ලි අපේ අක්කලැ වයස .....ඒත් මට මෙහෙමත් හිතෙනවා ....ඔයාල ඉහල තල්දුවෙං ගියාට පස්සේ මං ඉපදුනාද කියලත්

      Delete
    6. හැබැයි ඔය දෙන්නම නොකරපු දෙයක් මම කරා ...හිතේ කැකැරෙන අතිතය හොයාගන ගියා ....ඒක හිතේ තියන සලකුනු එක්ක ...නොවැරදීම හොයාගත්තා ....සමහරක් වෙලාවට තාත්ත කරපු වැරදි වලට උත්තර බදිනවා වගේ එකකුත් කරන්ඩ උනාට ...කහටක් නැ ඒක හරිම රස අත්දැකීමක්

      Delete
    7. අනුරාධපුරෙත් එහෙමයි .... ඒකාලේ ආදරේ කරපු මිනිස්සු අනේ මේ උඹද කොල්ලෝ ...ඔච්චර බඩ බැදං ඉදලා තාත්තට මතක නැති අපිව උඹ ආවනේ බලන්ඩ කියල කියන කොට එන මෙව්වා එක මාරයි....

      Delete
  7. ඉතින් මං මක්කරන්ඩද ඒකට , ඒ ගෙදර ඉන්නකොට ලොකු අක්කා චොපර් පැදලා අත කඩා ගත්තා මතකයි . අපේ ගෙදර හිටිය බැල්ලිට තාත්ත වෙඩි තියල මැරුවා මතකයි , අල්ලපු ගෙදර චුංගිලි නැන්දගේ ලමයින්ගේ පුකෙන් එන පනුවෝ ඇදල එලියට දානවා මතකයි

    ReplyDelete
    Replies
    1. මං බලන්ඩම ගියේ ....මගේ පුක මැස්සෝ බීලා ....ලෑටි පුකක් තියනවා කියපු සපු ආච්චිව ( අනුරාදපුරේ ) ඒ කාලෙත් හෙන වයසයි ....මාව බදාගන ඉබලා කියුව දේ උඹ දන්නවද ....මේකා මට බැල්ලිවවත් දුන්නේ නැ කියල

      Delete
    2. අපේ ගෙදර හිටපු බැල්ලි ...රෝසි කියල ....අනුරාදපුරෝ ඒ කාලේ නඩුකාරයා ගෝවින්න කෙනෙක් කියලයි මට මතක ....හිරගෙදර කොල්ලෝ උස්සං ඇවිත් බැරැක්කේ තියාගන්න බැරුව අපේ ලොක්කා ගෙදර ගෙනාවේ , වතුපිටිවල පරිසරය ඒකිට සෙට් උනෙම නැ , තාත්ත ඇවිත් බස් එකට යට වෙලා ඒකි මලා මාස ගානකිං

      Delete
    3. ඉතින් ඔන්න ඔහොමයි බ්ලොග් අනිත් මාධ්‍ය වලින් වෙන් වෙලා වෙනස් එකක් වෙන්නේ ...ඉතින් මට දුකක් නැ ...මං මේ වෙනුවෙං වැරකරන කාලයට

      Delete
  8. ඔන්න අරැ අයියේ උඹ ඇහුවනේ උඹද මේ පොස්ට් වල කමෙන්ට් කරන්ඩ ඕන කියල ...පව්නේ වයසක මනුස්සයනේ මං අද උඹගේ රස්සාව කලා ...ඊලග එකට උඹ රිප්ලයි කරහං ....දෙන්නටම දැනගන්ඩ සහ ....ඇත්ත සත්ත පිරිස්සන්ඩ අතිතය හොයාගන යන්ඩ උවමනාව තියනවනං සහ ...මං උඹල තරං නාකියෙක් නෙවෙයි කියල කියන්ඩ .........මං උපන්නේ 1979-01-10

    ReplyDelete
    Replies
    1. අප්පද බොල...අටමා පුත්තලං බූරුවො දහ පාලොස් දෙනෙක්ගෙ වයස නොවැ

      Delete
    2. උපන් වෙලාවත් කියපන් කේන්දරේ හදන්න

      Delete
  9. නියමයි. ඔය වගේ අතීතයන් ඇතුලේ ඉතුරු වෙලා තියෙන සමහර හැඟීම් කියන්න වචන මදි. උඹටත් තව කියන්න තරම් රස හිත ඇතුලේ තියෙන බව දැනෙනවා වචන කරලා එලියට දාන්න බැරි වෙච්ච

    ReplyDelete
    Replies
    1. ස්තූතියි

      ඔව්
      ප්‍රශ්නෙ වෙලාව. රස්සාවයි පරස්තාවයි අරවයි මේවයි එක්ක තමා පරක්කු වෙන්නේ. පොස්ට් එකක් ලියල පබ්ලිෂ් කරාම 'අරෙන්' එකක් කලා වගේ. ....

      Delete
    2. ලියන හැම පෝස්ට් එකකම ඇතුලේ තව කතා කීපයක් ඉදිරියට ඉතුරු කරන් තමයි හැමෝම ලියන්නෙ

      Delete
  10. අතීතය ගැන හිතනකොට එක අතකට වර්තමානය ගැන දුක හිතෙනවා. වර්තමානය ගැන හිතනකොට අතීතය ගැන දුක හිතෙනවා. aruge adawiya වගේම බොහොම ආසාවෙන් කියවන්නෙමි.

    ReplyDelete
  11. හැම ජීවිතයක ම වගේ තියෙන කතාව ඔබ හරි ලස්සනට අකුරු කරගෙන යනවා..........

    ReplyDelete
  12. අරූගේ අවුල් වන්නට පෙර වගේ පුදුමාකාර ආසාවකින් මචෝ මේකත් කියවන්නේ...
    දිගටම ලියමු ලොකු අයිය වගේ නොවී...

    ReplyDelete
  13. එක පෝස්ට් එකේ 3 දෙනෙක්ගෙ කතාවන් ඇදෙනව ඒකත් හෙන ආතල්.

    මද්ද හිතන් හිටියෙ මද්ද තමයි තැන් තැන් වලට මාරු වෙවී කට්ට කාපු එකම පොඩි එකා කියල ඒත් මද්ද ඉන්නෙ ගොඩක් පහලින්.

    ReplyDelete
  14. Replies
    1. ප්‍රා....මේ ක්වාටර්ස් තිබුනේ ඇලන් ඇවනිව් එකේ මින් මැදුර බිත්තියෙන්ම පල්ලෙහාට බහින්න තිබුන පොඩි පල්ලම් පාරේ. ඒකෙන් කොරි රෝඩ් එකටත් යතෑකි. ගල්වල පාර වැඩිපුරම ඒ කාලේ හැඳින්වුනේ quarry road කියලමයි.

      Delete