Saturday, November 26, 2016

ෆිදෙලුත් ගිහිං....


 සමහර මිනිස්සු මේ ලෝකෙට බිහිවෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කරන්න. සමහර අය බිහිවෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කරන මිනිස්සුන්ව බිහිකරන්න. ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ සෙවණැල්ල පිටිපස්සේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පත්වෙන්න.                                   http://uduwaage.blogspot.com
තරිදුගෙ මේ සටහන කියෙව්වෙ ඊයෙ. අද ෆිදෙල් ගිහින් කිව්වම තව අය එක්ක මේක ලියවුනා.



  අපට දැන් 'චරිත' වල අඩුවක් තිබේ. හොදට හෝ නරකට දෙකටම මග පෙන්වන දැවැන්ත චරිත ඇත්තේම නැත. එක්කෝ මොකක් හෝ යාන්ත්‍රණයක් විසින් චරිත මතුවීම වළක්වා තිබේ. (මේ මා කියන්නේ 'මායා' හී ප්‍රධාන චරිතය වැනි අය ගැන නොවේ.)

ඒ අස්සේ ෆිදෙල්ද ගිහින් තිබේ...



                               ෆිදෙල් මත මුණ ගැසුණේ හීත්‍රෝවට යාබද හවුන්ස්ලො හී 'හදවත් පදනමේ' පොත් රාක්කයක් ලගදීය. මේ හදවත් පදනමේ එක් ස්වෙච්ඡා අංශයක් ලෙස පවත්වාගෙන යන, පාවිච්චි කරන ලද දහසක් දේ අඩු මිලට විකුණා ආදායම් උපදවාගන්නා සාප්පුවේ, පවුමට දෙකට පොත් විකිණෙන රාක්කය අසල මට ඉඩ ඇති හැම වෙලාවේම රැදෙන්නෙමි. එහිදී මට බොහෝ අය හමුවී තිබේ. එහෙම හමුවී ගෙදර ගෙන ආ තවත් හුග දෙනෙක් මගේ පොත් රාක්කයේ නිසොල්මනේ ඉදිද්දී මම ෆිදෙල් හා මිතුරු වූයෙමි. මීට කලින් ඒ සාප්පුවෙන්ම ගෙනා ජුන් චැන්ග් ගේ 'මාවෝ' කියවීමෙන් 'වීරයෝ'  වීරයෝම නොව අරමුණක් ජයගත් මිනිසුන් පමණක්ම බවත් ඊට යටින් ලෝකය නොදන්නා බොහෝ දේ ඇති බවත් මට මාවෝ කියාදුන්නේය. එදා සිට මට වීරයෝ පිළිබද කුතුහලයක් මිස ආශ්චර්යයක් ගෙනාවේ නැත.
                              කෙසේ හෝ ෆිදෙල් පිළිබද මේ පොත ලියා තිබුණේ  අමරිකානුවෙකි. ඒ නිසා තව කියවන්නට වෙන තරමේ උනන්දුවක් ඇති කරලීය. ඒ උනන්දුව නිසා ෆිදෙල් පිළිබද අන්තර්ජලය හැරුණුකොට ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද ලියැවී ඇති පොත් කිහිපයක් සොයා කියවන්නට විමි. අන්තිමේ මගේ අතින් සති තිස්දෙකක් පුරා පිටු භාගයක ලියවිල්ලක් ලියැවිණි.
                                  ඒ අතරේ මට හිඋබර් මතොස් හමුවුණේ අහම්බෙනි. මතොස් සිය අනාගතය විප්ලවය වෙනුවෙන් කැප කලේය. විප්ලවය ජයගෙන සන්තියාගෝවට එන පෙළහරේ ෆිදෙල් ළගම සිටියේ මතොස්ය. අන්තිමේ මතොස් ජීවිතයේ වැඩිකලක් 'ප්‍රතිවිප්ලවාදියෙකු' ලෙස හංවඩු ගැසී හිරගෙයි දසවද වින්දේය.
මතොස් එවන් ඉරණමකට ලක්වෙන්නට සුදුසු දැයි මම දස අතේ කල්පනා කළෙමි.
                              මතොස්ගේ ජීවින කියවුම මගේ සිත සසල කළේය. එහෙත් මම ෆිදෙල් ලියා ඉවර කළෙමි. බොහෝ දේ මගේ කටු සටහන් මැද ඉතිරිකොට මගේ පොත් රාක්කයේ වීරයන් අතර සැගවූයෙමි.

ෆිදෙල් මට බොහෝ දුරක් එනතුරු වීරයෙකි. නොපසුබසින නොපරදින බවේ සංකේතයකි.  ඉන්පස්සේ අතරමග අතහරින්නට සිදුවන සාමාන්‍ය මනුස්සයෙකි.

9 comments:

  1. අපි ෆිදෙල්ට නිවන් සුව පතමු...

    ReplyDelete
    Replies
    1. තොට මෝල් ද , එතුමා නිරාගමිකයි

      Delete
    2. මාතලන්ගේ උප්‍රහාසය මතු කිරීමට මම හෙන ලයික්. මේක මාතෝ...නිර්-ආගමිකයෙකුට ඕන හුත්තක් ලැබේවා වගේ ප්‍රාර්තනයක්. ෆිඩෙල්ව නිවැරදිව අල්ලා ගත්තනම්, ඔය හාදයා වෙනුවෙන් කියන්න තියෙන්නේ, ට්‍රම්ප් එන්න ඉස්සෙල්ලා ගිය එක හොඳයි කියලා. බිහිවෙමින් පවතින්නේ මා නොපැතු දෙයයි. බිහිවන්නේ එය නම් එයට හිස නමමි. මා දැන් මහළු වියේ....

      Delete
  2. විප්ලයවය ජයගත්ත ෆිදෙල්ට නෙවෙයි. ඊට පස්සේ ෆිදෙල්ට නිවන් සුව පතමු

    ReplyDelete
  3. මක් උනත් ඔච්චර කලක් රටක් අල්ලාහිටීමේ හැකියාවට හැට්ස් ඕෆ් ය.
    අඩියොස් කොම්‍රාඩ්..!
    ජයවේවා..!!

    ReplyDelete
  4. මතොස් ගැන කියවන්න වෙනවා.......... මට චේ හොයන්න ගිහිල්ලා හම්බුණේ ෆිදෙල්ව. දැන් මතොස්ව......... හැම දෙයක් අස්සේ ම වෙනත් දෙයක් තියෙනවා. හැබැයි අපි සමහර වෙලාවට අස්සේ තියෙන කුණු නිසා ලොකු චිත්‍රය මකලා දානවා.......

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ හරි වෙන්න පුලුවන්. ඒත් මට ගොඩක් දේවල් ප්‍රශ්නකාරීයි. ලොකු චිත්‍රය අවශ්‍යම කාරණයක් තමයි. ඒත් අපි මිනිස්සු..ඔබට සාධාරන දේ මට වෙනත් විදියකට පෙනීම අසධාරණ නෑ. ෆිදෙල් කියවන්න ගිහින් දැනුන දේ මම කිව්වෙ. කියුබාවෙ නිෂ්පාදන කමිටු කියල තිබ්බ කෑම්ප් ගැන කිය්වනකො මොන අරමුණක් වෙනුවෙන් උනත් මිනිස්සුන්ගේ ජීවත්වීමේ නිදහස නැති කරන එක අන්තිම අසාධාරණයි කියල හිතෙනෙකොට ලොකු චිත්‍රය පොඩිවෙන්න පටන් ගන්නවා...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හදවතේ පදනම.....ඕක හොඳ තැනක්. ඕක ඇතුලේ තමයි ඔක්කොම සෙල්ලම් දාන්නේ. ඕක විද්‍යත්මකවත් එහෙමයි..එතනින් පරිබාහිරව වෙන විග්‍රහයකට හියත් හදවතේ පදනම තමයි, මේ සියල්ලෙ පදනම. ඇත්තටම හාර්ට් ෆවින්ඩේශන් එකෙන් හොඳ චැරිටි එකක් වෙනවා. මාත් පොත් පත් පවා නොව ලාබෙට ඇඳුම් පැලඳුම් පවා ගන්නවා. අපි වගේ අයට ටොප් තැන්.

    ෆිඩෙල්, මැන්ඩෙලා වගේ සුවිශේෂ චරිත වගේම තවත් අය ඔබ කියවා ඇති. බොබ් මාලේ පිලිබඳව බිරිඳ රීටා මාලේ ලියූ පොතක් තියෙනවා. කියවා බලා ඒ චරිත දෙක අතර හොඳ රචනාවක් කරන්න. තමුසෙට ඒ හැකියාව තියෙන බව මට තේරෙනවා. බොබ්ගේ සිවිල් චරිතය සහ රීටාගේ බිරිඳ චරිතය සුරතලේට කියවා බලන්න.

    මට ෆිදෙල් කස්ත්‍රෝ පොරක්!!!!!!!!!!

    ReplyDelete