Tuesday, November 15, 2016

මිහිර සිත්තර සහ ලන්කට්



මිහිර බැද තිබුනේ පිළිවෙලටය. සති පනස්දෙකක් කොටස් හතරකට බැද ඒවා කඩදාසි බෑග්වල දමා අපූරුවට තිබුනා මට දනුත් සිතින් මවා ගන්නට පුළුවන. හංවැල්ලේ සිට ආ විගස මා කරකවා අතහැරියා මෙන් නිසා ලොකු අම්මා ඇයගේ දියණියට 'ඕං ඕකෙන් පත්තරයක්වත් දීපං කොල්ලට බලන්නට' යැයි කීවාය.

 මම ලොකු අම්මා ලග කිහිපවතාවක්ම නැවැතී ඉද තිබේ. ඒ ගෙදරදී මට හොද සැලකිලි ලැබුනේ ඇයට සිටියේ එක දුවෙක් නිසාය. පුතා තාත්තා සමග වෙන්ව ගොස් තිබුනේය. ඒ පුතාගේ අඩුව පිරෙන්නට අපේ ගෙදර හතරදෙනෙක්ම සිටි එක හොද වුනත් ඈ මවා ගත් සතුටු කේන්තියකින් අප 'පර' වැඩක් කල සැම විටම එලවාගත්තාය. එක වරෙක මගේ 'එල්ලෙන එකට' හොරි හැදී කස කසා ඉන්නා හැටි බලා ඉන්නට බැරිව ඈ මා එක්කාගෙන නුගේගොඩ ආ හැටිත් මට ඡායාවක් වාගේ මතකයේ තිබේ.

කෙසේ හෝ මාත් කරන්නට කිසිත් නැති තැන 'මිහිර' කියවන්නට පටන් ගත්තෙමි. අවසානයේ උදේ කුණුකෙල පිටින්ද, දවල් ජයසින්හේ සිට ආ ගමන්ද, කක්කුස්සියේ කර්තව්‍ය කරන ගමන්ද මම මිහිරට ඇබ්බැහි වුනෙමි. කොටින්ම කියනවානම් සීනීයාස් මල් ඇටයක් නහයේ කොනක තබාගෙන ' මල් මාමාගේ ' නහයේ මල මෙන්  පැලවෙනකම් බලාසිටියෙමි. ඒ තරම් මිහිරට මා ඇබ්බැහි විය. අන්තිමේ පත්තර බණ්ඩල එකින් එක ඉවර විය. ඉන් පස්සේ සතිපතා මිහිර එනතෙක් රස්තියාදුවේ ගියෙමි. පත්තරේ ආවේ බදාදාද  සදුදාද කියා මට මතක නැත. එහෙත් පත්තරේ ලොකු අම්මා හෝ බාප්පා ගෙනා සැනින් මැදින් පිටුවක් උස්සාගෙන  අපේ ගෙදර මේසේ උඩ හෝ යට ඉද එක හුස්මට ඉවර කරමි. ඉන්පසේ තව පිටුවක් සදහා ලොකු අම්මාගේ දියණිය හා රණ්ඩු වෙන්නෙමි. බැරිම තැන. 'මාත් ගන්නවා යකෝ..අම්මට කියල ..උඹ තියාගනින් ' කියා පරාජිත රණ්ඩුවක් ඇදගනිමි. අන්තිමේ ඈ මුලු පත්තරේම මවෙත විසිකරන්නීය. ඇය කදුළු පෙරාගෙන අඩන්නීය. ලොකු අම්මා ඇයටද මටද දෙන්නාටම බැන බැන වැඩෙහිය. මම මිහිරේ නිසා මට මේ මුකුත් පේන්නේ නැත.මම මගේ පාඩුවේ මිහිර රසවිද ඇයට යලි දෙනවිට ඈ බත් කා ඇදුම් මාරුකරගෙන 'සෙල්ලං ගෙයක්' කරන්නට ඇවිත්ය.

මට බඩගිනි එන්නේ එතකොටය. 'පොඩ්ඩක් ඉන්න මම ටකස් ගා එනවා' කියා අපේ කුස්සිය පෙරළුවද බඩට දාගන්නට දෙයක් නැත. තුන්වෙනි අක්කාද කිසිත් නොකියා 'පුස්මේන්තු' මූණක් දාගෙන සුදු ගවුම පිටින් පොතක් කියවයි. ඈ කවමදාවත් ඒ ගැන කෑ ගැසුවේ නැත. ඒත් මට පරල වී 'බඩගිනි ..මේ ගෙදර කන්න දෙයක් නැත' කියා ලතෝනි දෙන්නෙමි. අක්කා ඊට පසු පරල වෙයි. 'කට වහං හිටු බූරුවෝ' කියා මට ආදරෙන් කතා කරන්නීය. ඒත් මගේ ව්‍යායාමය සාර්ථකය. ලොකු අම්මා ලොකු තහඩු රෝසමල් පිගාන පිරෙන්නට බත් එකක් බෙදාගෙන එන්නීය. 'මේ මනුස්සයා කොහේ ගියාදැයි' හිමීට අම්මා සොයා මුමුණන්නීය.අම්මාට මුණු මුණු ගගා මොනවා කීවත්..ලොකු අම්මා තාත්තාට කිසිත් කියනු මා දැක නැත.
 මට තාමත් හිතාගන්නට බැරි දෙයක් තිබේ. ඒ ලොකු අම්මා අපේ තාත්තාට දැක්වූ ගෞරවය හා ආදරයයි. තාත්තා අසනීප වන හැම වෙලාවකම වාගේ ඇවිදගන්නට අමාරු ලොකු අම්මා ත්‍රීවිලරයක් අරන් දැනුත් අපේ ගෙදර එන්නේය. ඒ බැදීම් හරිම හර්ද්‍යාංගමය.

ඉතින් අර බත් එක අප දෙන්නා හෝ මම තනිව හිස් කරන්නෙමි. මට 'මේවා මතකදැයි' අක්කාගෙන් අහන්නට වුවමනාය. ඇයට මෙයට වඩා දේවල් මතක තියනවා ඇත. අපට මේ බත් පිගානත් නැති දවස් තිබේ . එහෙම දවස්වලට ගස්ගෙඩි තිබුනාට එහෙම නැති දවස් තිබීම ස්වබාවධර්මයේ වැරැද්ද නොවේ.  එහෙම දවසක පෙරදා අම්මා මිරිස් ඇඹරූ ගලේ සුදු බත් දා අනාගෙන කෑ දවස් මට අමතක නැත. මේ ලගදී ලොකු අම්මා මා ඇය දකින්නට ගිය විටද මේ කතාව මතක් කලාය. 'එහෙම කෑ නිසා අද මෙහෙම ලැබෙනවා' කියා ඈ කීවාය. එහෙම වෙන්නට ඇතිය.

මේ සෙල්ලම් ගෙදර මට කෂණිකයෙන් එපා වෙන්නේය. 'අපෝ තමුසෙගේ ගෑණු සෙල්ලං කියා ' මම මාරු වෙන්නෙමි. ඉන්පස්සේ මම මගේ 'ගැං' එකත් එක්ක ඉරිදාපොල, දෙල්කද ඇල, රත්තනපිටිය, පැගිරිවත්ත, උඩහමුල්ල, රේල්පාර, වනාත පාර, ගෙවල් පේලිය, අනෝජා වීරසින්හගේ අක්කාගේ ගෙදර ඉස්සරහා පිංලිද ආදී නෙක විධ පාරවල්වල ඇවිද යන්නෙමු. ටයර් පදින්නෙමු.

මිහිරට අමතරව අපට චිත්‍රකතා බැලීමටද ප්‍රෝග්‍රෑම් එකක් තිබිණි. එකල 'සිත්තර ,මධුර' ජනප්‍රියතම චිත්‍රකතා පත්තර විය. පත්තර අප මිලදී ගන්නේ නැත. ජයසින්හේ ලග පොඩි කඩේ මේ පත්තර කුළියට දෙනු ලැබේ. කඩේ බංකුවේ ඉද කියවීමට සත දහයක් හෝ විසිපහකි. ගෙදර ගෙන ඒමට සත විසිපහක් හෝ රුපියලකි. මේ ගනන් මට හරියටම මතක නැත. මේ පත්තර සදහා අනුග්‍රහය සීනී අක්කාගෙන් හෝ පද්මා අක්කාගෙනි. මා එක්කාගෙන ගොස් පොඩිකඩේ මුදලාලිට අදුන්වාදී මේ රාජකාරිය මට නිත්‍ය ලෙස සිනී අක්කා පවරාදුන්නාය. ඇගෙන් රුපියලක් රැගෙන හැල්මේ දුවන මම සීත්තර හෝ මධුරත් රැගෙන කෙලින්ම 'සිගිති'ලාගේ ගෙදරය. ඔබ හිතන්නේ මට වැරදුනා කියලාද..? නැත. සීනී අක්කා සහ සිගිතිලාගේ අම්මා නෑනලාය. ඒ නිසා වලිය. වලි නිසා කතා නොකරති. එහෙත් ඒ දෙන්නාටම පත්තරය ඕනෑය. සල්ලි සීනී අක්කාගේ වුව මම පත්තරය දෙන්නේ ඇයගේ හතුරාටය. (මේ අපේ කාලයේ ලමා රන්ඩු වැනි ඒවාය. පොඩ්ඩ බැරිවෙන්නට රණ්ඩු වූවාට එක මොහොතෙන් දෙ නෑනලා බදාගෙන අඩන වෙලාවල් ඕන තරන්ය.)ඈ මට සත පනහක් දෙයි. ඒක ඩිලිවරි ගාස්තුය. ඉන්පස්සේ ඈ එක හුස්මට සිත්තර කියවයි. ඈ කියවූ පසු මම ආයෙත් බොරු හැල්මේ සීනී අක්කා ලගය. ' පත්තරේ ගෙනිච්ච කෙනෙක් ගෙනල්ලා නැතුව පරක්කු වුනා..' මම මගේ අහිංසක මූණ දමන්නෙමි. 'පවු කොල්ලා රස්තියාදුවේ..' ඈ දුක්වන්නීය. මගේ සතපනහ සාක්කුවේ දගලන්නේය.

අන්තිමේ අපි සියලුදෙනා පත්තරේ කඩාගෙන මීක් නැතුව යුනිකෝ..දේදුණු කැළුම් අතරේ තනිවෙන්නෙමු. ස්පාටකස් හා යුනිකෝ මගේ වීරයෝ වෙති. ඔවුන් ඇස් කලුපාටෙන් වසාගෙන අලි සයිස් කඩු කස්තාන වලින් කරන හරඹය මට මැජික් මෙනි. මාද යුනිකෝගේ ඇස්වල හැඩයට කපාගත් කලුකඩදාසි කැබල්ලක් පැලද මගේ මිතුරන් සමග කඩු ෆයිට් කෙරුවෙමි. ඇස් වැසුණු කල යුනිකො හෙන 'ගේමක්' දුන්නද මම ඇස් වසාගෙන ගෙමක් දෙන්නට ගොස් කොල්ලන්ගේ සැර හූවකට බදුන් වුනෙමි. අහෝ ඉරිදාපොලේ යුනිකෝගේ ලන්කට් එකක්වත් නැති 'අවශේෂ' හිරිවැටී යන්නට මගේ හාල් කඩේ යාලුවා කඩුපාරක් දී තිබිණි.

48 comments:

  1. අම්මට සිරි මම 1ක නේ කියවල එන්නම්

    ReplyDelete
    Replies
    1. //මල් මාමා‍// හිටියෙ විජය පත්තරේ නෙමෙයිද? (මේ මම පොඩි කාලෙ)

      නිවාඩුවට මාමගෙ ගෙදර ගියාම අයියල දෙන්න සතියක් පතා වරද්දන්නෙ නැතිව අරන් ගොඩ ගහල තිබ්බ පත්තර එක හුස්මට කියවන් ගිය හැටි මතක් උනා

      Delete
    2. විජය වෙන්න ඇති. මම එකදිගට ආපු මතකෙන් ලිව්වෙ.

      Delete
    3. මල් මාම තිබුනේ විජය පත්තරේ. විජය පත්තරේ තව තිබුනා කැලේ කතාව, ඉඳි කාලයේ විත්තිය, සුරංගි අක්කා වගේ කතා...
      මිහිරේ තිබුනේ සුත්තර පුංචා. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ, ඒ කතා නිසා ළමයි අනතුරු කරගන්නවා කියල පස්සේ කාලෙක නතර කලා වගේ මතකයි...

      අපරාදේ මම 1980 ගණන් වල විජය පත්තර තොගයක් එකතු කරගෙන ඉඳලා 2002/2004 වගේ අං ආපු කාලෙක ඔක්කොම විසික් කරලා දැම්මා, තිබ්බනම් වටිනාකම කියන්න බැහැ...

      Delete
    4. *මල් මාමා පෙනී සිටින මකාගේ යලක්.කතාව සහ චිත්‍ර පියල් උදය සමරවීර.
      *යෝධයා යි රජතුමායි නිධානෙ ගන්න කතාව.

      Delete
    5. මගෙත් කොලකෑලී එකතුවක් හැමදාම ගිනිගන්නවා අවුරුද්ද අන්තිමට. නිකන් ගොඩ ගහන් ඉන්නෙ මොකටද කියල ලෝබකමෙන් ගිනිතියල හරි කාට හරි දුන්නට පස්සෙ දවසක් ඒවා මතක් වෙනවා. පුතාල කියනවා තාත්තෙ ටැබ් එකෙන් ෆොටො අරන් සේව් කරගන්නලු. ඒත් කොලකෑලි වල පුස්ඹ අපිට මාර වටිනවා

      Delete
    6. මිහිරේ තිබුණේ කමලා ළමා සමාජය!

      Delete
  2. සිත්තර මධුර වගේ පත්තර මම බලන්නේ ගෙදරට හොරෙන්. අපේ ආච්චිලගේ ගෙදර තමයි අපේ පුංචි අම්මගේ ළමයි හිටියේ. ඒ ගෙදර හිටපු අයිය තමයි ඔය පත්තර අරගෙන එන්නේ...
    මට හොඳට මතකයි ටෝගා එහෙම...
    ඊට අමතරව මොකක්ද මන්ද වීරමන් කියල නමක් තිබ්බ මනුස්සයෙක් ලියල තිබ්බ ඩ්‍රැකියුලාගේ කතා පොතකුත් බැලුවා...
    ඒක ඒ දවස් වල බැලුවේ බොක්ක ගැහි ගැහි...

    ReplyDelete
    Replies
    1. මම ලියපු රචනාවක් හතරෙ පන්තියේදි වගේ මිහිරෙ පලවුනා. මට මාර ආතල්. ඒත් කාටවත් පෙන්නුවෙ නෑ. මට මොකක්දෝ ලැජ්ජාවක් ඇතිවුනා. අපරාදේ පෙන්නුවනන් මාව කවුරු හරි දිරිගන්නවනව. ඒ කාලේ මොන පර වැඩ කලත් හරි ලැජ්ජයි.

      Delete
  3. Replies
    1. සමහර නිහඩ මිනිස්සු ලොකු කතාවක් කියනවා. තැන්ක් යූ

      Delete
  4. මිහිර කියවන්න මාත් පොඩි කාලේ ගොඩක් ආසයි.. ඒ පත්තර තාමත් ගෙදර තියනවා...

    ReplyDelete
  5. ලොකු රෝසමල් තියෙන ඩයමන්ඩ් එනමල් පිඟන්....
    ඒ කාලෙ මතක්වුනා....

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ මල් පිගාන ගොඩක් කල් තිබ්බා. එනැමල් එක කැඩිලා තැනින් තැන කලු වෙලා ..ඒත් අපි පාවිච්චි කලා. අදත් අපි කන්නෙ තහඩු බේසන් වල. එකේ අලි බත් එකක් හන්ගන් කෑවැකි.

      Delete
  6. ඒ කාලෙ මුලින්ම ආවෙ සිත්තර.... ඒක ජනප්‍රිය වුනාම ඒ වගෙ රැල්ලක් ආවා....
    සුහද... සත්සිරි...සතුට...මධුර...

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. මුලින්ම ආවෙ සතුට.1974 දි වගෙ ලේක් හවුස් එකෙන් ගැහුවෙ.

      ඊට පස්සෙ 1975 විතර සිත්තර ආවා. ඊට පස්සෙ සුහද සත්සිරි සහ උපාලි එකෙන් ගහපු චිත්‍රමිත්‍ර.

      සතුට නමේ අයිතිය තිබ්බෙ රංජිත් විජේවර්ධනට. එයා ආපහු ඒ නම අරගෙන සතුට කියල පත්තරයක් ගහන්ට ගත්තම ලේක් හවුස් එක ඒ ගොල්ලන්ගෙ පත්තරේ නම මධුර කියල වෙනස් කලා.

      Delete
  7. මම සරසවිය පත්තරේ කියවන්නේ සීනි අක්කා, පද්මක්කාලගේ ගෙදරින්. ඒ ගොල්ලෝ ගත්තේ චිත්‍රකතා පත්තරයි, සරසවියයි. සරසවිය පත්තරේ උණු කැවුම් වගේ විකුනුනේ.

    රෝස මල් එනැමල් පිඟාන මටත් මතකයි. ඒ ඔක්කොටම වඩා ලොකු අම්මාව මතකයි. තාමත් කතාකරකර හිනාවෙනවා. ලොකු අම්මා, තාත්තට තියෙන්නේ පට්ට ලව් එකක්. කවුරුන්ටත් වඩා ලොකු අම්මට තාත්තා දුන් සපෝර්ට් එක මතක තියෙනවා ඇති. ඉස්සර ලොකුඅම්මා ආපුවහම තාත්තට හොරෙන් සල්ලි දෙනවා. මෙය ගිහිල්ලා බීලා එනවා. ලොකු අම්මා රෝසිගෙ කොට සායක් ඇඳගෙන ටෙනිස් ගහන හැටි පෙන්නනවා මතකද..රැකට් එක වෙනුවට ගන්නේ, අර මදුරුවන්ට ගහන ප්ලාස්ටික් භාන්ඩේ.

    ReplyDelete
    Replies
    1. ලොක්කො..මතකද මම කෙටි කතාවක් ලියලා එකෙ යටින් මහාචාර්ය කියල මගෙ නම් ලියල තිබුනා. එදා ඕක දැකලා ඔයාල හිනාවුනා. මගෙ හිතෙ තාමත් ඒ හීනෙ තියනවා හලො. කෙටිකතාව මතකද. ඉන්දියාවේ ස්ටේෂන් එකක අතරමන් වෙච්ච කොල්ලෙකුට සුද්දෙක් හම්බවෙලා 'පිටරට' එක්ක යනවා. අය්යලා අක්කලා මගෙන් ඇහුවෙ 'තමුසෙ හීන බලලද මේවා ලියන්නෙ කියලා.' ලොකු නොවී හිටියනන් හොදයි ඕයි. හැබැයි ඔයා එනකොට කක්කුස්සියට වතුර අදින ජොබ් එක නැතුව.

      Delete
    2. /කක්කුසියට වතුර අදින ජොබ් එක?.../

      කොහොමද අරූගෙ කතාව නං? සමාජවාදය, සමානාත්මතාවය ගැන ඇස්ටි හැලෙන්ඩ දෙන්නෙ. ඒත් පොඩි එවුං ලව්වා ඒ කාලෙ ඇට්ටිම්බ හෝදගන්ට වතුරත් අද්දෝගෙන.

      සික් ලැජ්ජයි ඕයි, පරම ලැජ්ජයි!!

      Delete
    3. නෑ නෑ අපෙ අම්ම තමයි බෙරිහන් දෙන්නෙ. අය්යා.. යන්ඩද කොහෙද ..ඉක්මන් කරපන් ලමයො....වතුර එකක් පුරවපන්.....(ඒයත් ඉතින් එපා කියල මදුරාවති නැන්දගේ ලිදට ගියෙත් නෑ...)

      Delete
    4. @ Ravi,
      This enough to make AP constipated !

      Delete
    5. රවී...උදේට නැගිටලා තේ එක බොනකොට ටොයිලට් එකට වතුර අරන් යන මල්ලිලා දැක්කම කාටද ආඩම්බර :D ඒ විතරක් යැයි බං, නාගන්න ඕන කියලා කිව්වම, වතුර ඇදලා දෙන්න මල්ලිලා පොර කනවා. මං මොනවා කරන්නද බං.

      Delete
  8. මිහිර ආවේ සඳුදා.... මධුරට කලින් තිබුනේ "සතුට"... ඒක තමයි ලංකාවෙ පලවන චිත්තර කතා පත්තරේ.. ඊට කලින් තිබුනේ චිත්‍රකතා පොත්. ඒවා ඔක්කොම චිත්‍ර පොතේ හැඩෙට තිබුනේ. ලන්දේසි හටන, සැම්සන් හා ඩිලයිලා මට තාමත් මතකයි. බන්ධුල හරිස්චන්ද්‍රගේ චිත්‍ර සුසිර් ප්‍රේමරත්නගේ චිත්‍ර එහෙම තමයි තිබුනේ.. ඔය දෙන්නම බුදු හාමුදුරුවෝ අඳිනවා බොහෝම ලස්සනට. දෙන්නගෙම පොඩ්ඩක් වෙස්ටර්න් ස්ටයිල් එක තිබුනේ.

    ReplyDelete
    Replies
    1. ////ඊට කලින් තිබුනේ චිත්‍රකතා පොත්. ඒවා ඔක්කොම චිත්‍ර පොතේ හැඩෙට තිබුනේ. //////////

      මාතා....මමත් ඔය පොත් රස විඳලා තියෙනවා. ශ්‍රී වික්‍රම කියලත් තිබුනා මතකයි. බන්දුල අයියා කියලා අපේ ඥාති අයියා කෙනෙක් හිටියා. ඒයා ගාව ඔය පොත් විතරක් නෙමේ පත්තරවලින් කපලා අලවලා හදපු පොත් තිබුනා. රසවාහිනි, ගුවන් විදුලි සඟරාව. සෝවියට් දේශය, ශ්‍රී වගේ සඟරා කාමරයක් පිරෙන්න තිබුනා. මම ඔය ඔක්කොම ඒ ගෙදර ඉන්න කාලේ කියවලා තියෙනවා. කියවන්න දෙනවා. මට ඒ කාමරේ පාවිච්චි කරන්න අවසර තිබුනා. හැබැයි පොර හැන්දෑවට ගෙදර එනකොට කියවපු එව්වා, ඒ විදිහටම තියලා තියන්න ඕන. චිත්‍රකතා ගැන විතරක්ම ලියන බ්ලොග් එකක් තියෙනවා. ඒක හරි වටිනවා. මට ලින්ක් හොයන්න අමාරුයි.

      Delete
    2. බිලි පූජාව කියලත් චිත්‍රකතා පොතක් තිබුනා.

      Delete
    3. Try https://slcomics.wordpress.com/

      Delete
    4. ඒ කාලේ ඉන්ටර්නෙට් එක තමයි "නවයුගය"

      Delete
    5. මේ පාර පොත් ප්‍රදර්ශනේ ඔය පොත් ඔක්කොම ර්‍රප්‍රින්ට් කරල විකුනන්න තිබ්බා. මම එදා කැමරාව අරන් ගියේ නෑ. වයසක ජෝඩුවක් අනිවාරයෙන් ගුරුවරු දෙන්නෙක් වෙන්න ඕනේ. ගොඩක් වයසයි. ඒ පොත් අතගගා ලොකු කතාවක්. පරණ මතක අලුත් කරනවා ඇති. ඒත් ගත්තෙ නෑ. මට අහන්න හිතුනා අරන් දෙන්නද කියලා. ඒත් කොන්ද පන තිබ්බේ නෑ. මට සුන්දර ෆොටෝ එකක් මිස් උනා...

      Delete
    6. එහෙම වෙලාවට කතා නොකර අරගෙන දෙන්න ඕන.. මම එහෙම දේ අනන්ත කරලා තියෙනවා. පරිප්පුත් කාලා තියෙනවා. ඒත් මම හිතන්නේ අණබෙර ගගහා කරන දේට වඩා ඒ දේවල් ගොඩාක් වටිනවා.. විශේෂයෙන් පොඩි උන්ගේ සෙල්ලම් බඩු..

      Delete
    7. බිලි පූජාව, ශ්‍රී වික්‍රම, ලන්දේසි හටන, සඳ කුමරි, මුතු කුමාරි....

      Delete
  9. අපි කඩු හැදුවෙ රොබින්හුඩ් බලලා.නසියර් වෙන්න කට්ටිය පොරේ.. ලපටි පෙනුම තියන කොල්ලන්ට වෙන්නෙ මැරියන් වෙන්න.
    ඉස්කෝලෙ කඩු පයිට් තහනම්.රොබින් හුඩ් කලොත් කස්ටිය ටීචට කෙලම් කියන්න දුවනවා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. 89 අපේ ඉස්කෝලෙ ස්කවුට් රූම් එකෙ පොඩි ආමරියක් තිබ්බා. ඉල කැඩෙන විහිලු. කොසු පොලු උදලු මිටවල් එක්ක කඩුවෙ ෂේප් එකට හදපු ලෑලි පටි. තව ඩීන්ගෙන් අපි මේවත් එක්ක ආණ්ඩුව අල්ලලා....

      Delete
  10. චිත්‍ර කතා ලෙස අපේ කාලයේ ජනප්‍රිය වුනේ, ගෞතමදාස, ජී.එස්.ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න, බන්ධුල හරිශ්චන්ද්‍ර, දයා රාජපක්‍ෂ වගේ අය කල නිර්මාණ.

    දේදුනු කැළුම් අපට ඇල්ලුවේ නැහැ.

    ReplyDelete
  11. අපූරු සටහන. මම දැන් මිහිර, විජය ගන්නේ මගේ දරුවන්ට. දැන් ගන්න ඒ පත්තර දෙක නහයට ළංකර සිඹින පුරුද්දක් මට තිබෙනවා. ඒ 'සුවඳ' දිගේ මට පොඩි කාලෙ ඒ පත්තර කියවද්දි දැනුණු සුවඳ තාම දැනෙනවා. මාර අාත්මීය බැඳීමක් තිබුණේ ඒ පත්තර එක්ක. විභාග කේන්ද්‍ර කරගන්නේ නැතිව ළමා පත්තර පළ වුණේ ඒ කාලේ. සිබිල් වෙත්තසිංහගේ 'සූත්තර පුංචා', හිඟුල්වල දිසානායකගේ 'බටකොළ අාච්චි' අමතක වෙන්නෙ නෑ. ඒ දවස්වල විජය පත්තරේ ළමා කතාවක් මැද පිටුවේ පළ වුණේ කපලා කුඩා පොතක් විදියට සකස් කර ගත හැකි අාකාරයට. ඒ වගේ පොත් සිය ගණනක් හදාගෙන තිබුණා.

    ReplyDelete
  12. මිහිර පත්තරේ බූ බබා කියල චරිතයක් තිබුන කතාව මතකද

    ReplyDelete
    Replies
    1. මගෙ ප්‍රියතම කතාව අර යෝධයා සහ ඉස්කෝල මහත්තයෙක් ඉන්නෙ. හිගුල්වල දිසානායකද ඇන්දෙ මට මතක නෑ. ‍යෝධයා බෙල්ලෙ ලේන්සුවක් ගැට ගහන් ඉන්නෙ. අර කෙට්ටු මනුස්සයගෙ නෝනා හෙන සැරයි. අම්මෝ හම නෝනලාම එහෙම වෙන්නෙ කොහොමද..

      Delete
    2. විජය පත්තරේ වෙන්න ඕන

      Delete
    3. මට කවදාවත් අමතක නොවෙන්නේ.. බටකොල ආච්චී... මොකෝ අපේ පවුලේ උන්නා බටපොල ආච්චි කියලා කෙනෙක්.. එයත් ඒ වගේමයි.. එකම දේ කොස්සෙ නැගලා උඩින් යන්න බැරි එක විතරයි.. මට කියන්නේ නෝටයගෙ වේස කොල්ලා කියලා.. නෝටන් කියන්නෙ තාත්තගෙ පෙට් නේම් එක..

      Delete
    4. මිහිර පත්තරේ යෝදයාගෙ කතාව ඇන්දෙ ඇස්. ඒ. දිසානායක කියල කෙනෙක්..
      බූ කියන්නෙ කතා කරන්න බැරි අලි පැටියෙක්. එකම වචනය 'බූ ''
      බබා කියන්නෙ පිරිමි ලමයා තුල්සි කියන්නෙ ගැහැනු ලමයා....
      කමලා ළමා සමාජය ලිවුවෙ අනුල ද සිල්වා...
      පස්සෙ මිහිර කතෘ වුනා...

      හර්ෂ.

      Delete
    5. හර්ෂ හරි හර්ෂ.
      හිඟුල්වල දිසානායක නෙවෙයි, අැස්.ඒ. දිසානායක තමයි අැන්දේ.

      Delete
  13. මෙන්න මිහිර පත්තරය ගැන සිව් මංසල කොලු ගැටයා aka නාලක ගුණවර්ධන ලියූ ලිපිය!

    අඩසියවසක් ළමා ලොව කුල්මත් කළ ‘මිහිර’

    ReplyDelete
  14. රාවය බැලුවේ නැද්ද අප්ප එකෙක්වත්

    ReplyDelete
    Replies
    1. බැලුව බන්. මං 'රාවය' සඟරාව බැලුවෙ ඉස්කෝලෙ හය වසරෙදි.

      Delete
    2. කියෙව්ව කියෙව්ව.රාවය කෙටි කතාව බොහොම සරුයි ඒ කාලෙ.තේරෙන තේරෙන විදිහට ගැටගහගත්තා.වික්ටර් අයිවන් ගෙ චෙස් ගැටළුවත් නියමයි.

      Delete
  15. මාත් මිහිරෙන් පටන්ගත්තේ.... කාණ්ඩ අංකෙ වෙනකන් කියෙව්වා....
    පස්සේ මිහිර මට සතියකට මදිවුණා... දවස් දෙකෙන් කියවනවා.. ඊට පස්සේ අම්මා මිහිරයි විජයයි අරන් දුන්නා.ත
    පස්සේ බන්ඩාරවෙල ලයිබ්‍රිෙය සාමාජිකත්වය ගත්තා...
    කොළඹ ඉස්කෝලෙට ආවම මිහිරයි විජයයි මිස්වුණා අටවසරට එනකොට... මොකද අට වසරෙ පුස්තකාලෙ ඒව තිබුණෙ නැහැ.... සතිපතා තරුණයා ගන්න පටන්ගත්තා...
    ටික කාලෙකින්ම කම්මැලි වුණා...
    රාවයට මාරුවුණා...
    දැන් ඉතිං ඒකෙ නැවතිලා

    ReplyDelete
  16. හුටා! මේ අරූගෙ මල්ලි අයියනෙ. අමතක වුනා!

    ReplyDelete