Thursday, November 10, 2016

දෙමලා සමග ලයිව් ෂෝ


 



ඉරිදා පොල පැත්තේ සිට අටේ කනුවට යන පාරේ වම් පැත්තේ '8' ලකුණු කල ලොකු සිමෙන්ති කණුවක් තිබේ. මේ කණුව ඉන්ග්‍රීසි වී හැඩයේ නිසා කනුව පිටුපස්සේ විවරයක් තිබේ. ඒ විවරයේ සත පහේ දහයේ කාසි හංගන පිස්සු හැදුණු මනුස්සයෙක් සිටියේය. ඒ සල්ලි හැංගීම දැනන් සිටි තව පොඩි කොල්ලෙක්ද සිටියේය. පිස්සා කාසි දහයක් හංගන විට කොල්ලා කාසි දෙක තුනක් සොරකම් කලේය. අදද ඒ හැන්ගිල්ලත් හොරකමත් දන්නේ ඒ පිස්සා හැරුණු කොට ඒ කොල්ලා පමණි. ඒ කොල්ලා රස්තියාදුවේ යන්නේ ඔය කනුව පසු කරමිනි.

මා දැන් යන්නේ විජෙරාමේ 'බටර් කෑ ගෙදර' පිටුපස්සේ අපේ අම්මාගේ ඥාතියාගේ ගෙදරය. ඒ ගෙදරට යන මග,  උඩ බිම බලන, ගස් වැල්වල මොනවාහරි දෙයක් හොයන මට සෙරෙප්පු දෙකක් නැත. ඒ නිසා මහපොලොව හොදට දැනෙයි. මේ ගෙදර අපේ ඥාතියා වූ මහා ආඩම්බරකාර අධ්‍යාපන දෙපාර්තමේතුවේ ලොකු පුටුවක් දැරූ නැන්දා කෙනෙක්ද, ඒ නැන්දා ලගින්වත් තියන්නට බැරි ඉතා හොද ගති තිබූ අහින්සක මාමා කෙනෙක්ද මට මතකය. අප ඒ නැන්දාට බය බවක් 'පෙන්වූයෙමු'. නැති තැන ඇගේ පලු- දෙපලු කලේ අප පමණක්ම නොවේ. ඇය අපේ නෑදෑයා නොව මාමා අපේ නෑදෑයා විය. මේ නැන්දා මාමා දෙදෙනාම රාජකාරි නිසා වෙන පලාත්වල රාජකාරී කල කාලයේ මගේ රස්තියාදුවේ එක නවාතැනක් වූයේ එහිය. මේ ගෙදර එකල වැඩට ගත් පොඩි කොල්ලෙකු සිටියේය. ඒ කොල්ලා ඇත්තටම පොඩිය. ඔහුව 'ගෙනාවේ' බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙන් වගේය කියා මට මතකය. කෙසේ හෝ ගෙදර පොඩි පොඩි වැඩ කල මේ කොල්ලා මගේ ගජයෙක් බවට ලෙහෙසියෙන් පත්වූයේය. අප දෙන්නා ඒ වත්තේ හා අවට ගස්ගල් වල නැග සෙල්ලම් කලෙමු. ඔහු වචන උච්චාරණය කල දෙමල හුරුව මට ආස්වාදජනක විය. කෙන්ති ගිය විට හෝ මම අමන වැඩක් කල විට ' උම්ම්බ උකාපිය උත්තා' හෝ 'තෙමුසෙ කෙත්ත කෙරි වෙඩ' කරන්නේ යැයි මට කෑ ගසා කීම මා තවත් එවැනිම ''කෙත්ත' වැඩකට උනන්දු කරලිය. ඔහුගේ මිත්‍රකම මට ප්‍රියජනක වීමට මේ දෙමලාගේ මනුස්ස ගතිද බලපෑවේය. ඔහු හැමදාම මා එනවෙලාවට ඔහුට ලැබුනු කුමක් හෝ රස කෑමක් මා හට ඉතුරු කරගෙන තබාගත්තේය. මා ආ විටම 'යෙං යෙං' කියා මාත් එක්කාගෙන ඒ ගෙදර කුස්සිය පැත්තේ උසට හදා තිබූ වතුර ටැංකිය උඩට නැංගේය. ටැංකිය උඩ සිට කකුල් පහලට දා පද්ද පද්දා අප දෙන්නා මේ ඔහුගේ කොටස බෙදාගෙන කෑවෙමු. එතැන සිට අනුන්ගේ ඕපාදූප සෙවූවෙමු. මේ ඉඩමට අල්ලපු වත්තේ මසුරුසිටානාගේ රන්තැඹිළි ගහේ ගෙඩි කැඩුවෙමු.  නැන්දාත් මාමාත් ඒ පවුලේ අක්කාත් මල්ලීත් බන්ඩාරවෙල පැත්තේම සිටි නිසා මේ ගෙදර අයිතිකාරයා වූ නැන්දාගේ පුතෙක් අපට වඩා වැඩිමහල් අය්යලා 'සෙට්' එකක්ම මෙහි නවත්තාගෙන සිටියා මට මතකය. ඒ නිසා මේ ගෙදර නැන්දා මාමා නැතිවන වෙලාවට කොල්ලන්ගේ රජදහනක් විය. අපේ ලොකු අය්යා එහි නිත්‍ය සාමාජිකයෙකු විය. කුමන කාරණයක් නිසාදැයි මා නොදන්නා මුත් ගෙදරට වඩා වැඩි කාලයක් එහෙමත් නැත්නම් තනිකරම වාගේ අය්යාගේ නවාතැන වූයේ මෙහිය.මේ ගෙදර නිදහස මටත් ලොකු ධෛර්යයක් විය. බයිසිකල් රිම් පැදීම, ටයර් පැදීම මාගේ උපන් ගෙයි දක්ෂකමක් විය. ලොකු කාර් ටයරය අස්සට දෙපැත්තෙන් දැමූ ඇල්බීසීයා පොලු දෙකෙන් ගල් බොර්ළු අඩිපාරවල් වතුර පාරවල් අස්සෙන් මා පැදයනවිට 'මගේ දෙමලාද' මා පස්සෙන් දිව ආවේ උඩ පනිමින් සන්තෝසයෙනි. ඒ කොල්ලා අපේ අය්යලාගේ නිරන්තර වද බන්ධනයට ලක්විය. එහෙත් ඒ වධබන්දන ඔහු ප්‍රීතියෙන් බුක්ති වින්දේය. මට මතක ඇති ඡායාරූපයක මේ කොල්ලා කකුල් දෙකෙන් අල්ලා ඔලුවෙන් හිටවා ගත් කෙනෙකු වෙයි. ඒ ජායාරූපය කොහේදැයි හොයන්නට ඕනෑය. එක කලෙක මේ කොල්ලා අතුරුදහන් විය. එදා දෙමලා නොව අපේ එකා යැයි අඩමින් අය්යලා හැමෝම වාගේ මේ කොල්ලාව රට පුරා සෙවූ බව මට මතකය. පසුව කොහේදෝ සිට ඔහු හම්බ වී යලි මෙහි ගෙනායේය.  දැන් කොහේ ඉන්නවාදැයි මම නොදනිමි. එහෙත් මේ දෙමලා මගේ හිතේ කොනක තවමත් ජීවත් වෙයි. ඔහුට මාමා විසින් බැංකු ගිණුමක ආරම්බ කොට මුදල් දැම්මාද මට මතකය. කවදාහරි ලොකු වී ගෙයක් හදා ගත් විට මාද රැගෙන ගොස් සතුටෙන් ඉන්නා බව ඔහු මට පොරොන්දු වී තිබුනේය. ගෙයක් හදාගැනීම ඔහුගේ එකම පැතුම විය. ඔහු පරෙස්සම් කල කුඩා දේපල අතර මේ බැංකු පොතද විය. එය දැනුදු මට චිත්‍රයක් මෙන් මැවී පෙනෙයි. තැපැල් කාරයාලයේ එකතු කරන ලද මුදල් සටහන් කල පොතක්ද තිබුනා මට මතකය. එහි පිටු ඔහුගේ ඇගිලි වලට දියවී ගොස් තිබුනේ උදේ හවස ඒ පොතේ පිටු අතගෑමෙන් වෙන්නට ඇත. ඔහු දැන් ලොකු ගෙයක් හදා ආදරණීය බිරිදකදු ලැබ ලමයින් දෙතුන්දෙනෙකුගේ පියෙක් වී ඇති බවට මට ස්තිරය. එහෙම වෙන්නට ඕනෑය. නැත්නම් දෙවියන් හැටහුටාමාරක් ඉන්නා එකෙන් වැඩක් නැත.


මේ ගෙදර තවත් මතක තිබේ ඒ මතක ඒ කාලේ ගුටි කන ජාතියේ ඒවා වුනද අද මතක් වන විට හිනා යයි. එවන් මතකයක් නිසා දෙමලාද මාද කන් රතුවෙන්නට කනේ පාර කෑවෙමු. ඊට හේතු වූයේ මේ ගෙදර අය්යා උදේ එක්කාගෙන එන අක්කා කෙනෙකි. මේ අක්කා කලුය. එකල අවුරුදු විස්සක් විතර වෙන්නට ඇත. අය්යා උදෙන්ම ජැණ්ඩියට ඇදගෙන එලියට ගොස් ගොස් ආවේ තනිවමය. ඉන්පස්සේ කලබලයෙන් ඔහුගේ කාමරයේ දොර ජනෙල් වැසුවේය. ඒ එන ගමන් බනිස් කෙහෙල්ගෙඩි පාරසලයක්ද ගෙනවිත් ඒකත් අර කාමරේ තිබ්බේය. ලොකු වතුර ජෝග්ගුවක් මගේ මිත්‍රයාට කියා ගෙන්නා ගත්තේය. ඊට ටික වෙලවකට පසු අර අක්කා එන්නේය. අක්කා එන්නේ කෙලින්ම මේ කාමරේ දොර කලින් දන්නා වගේය. ඉන්පස්සේ දොර වැහෙයි. කලු වුනත් මේ අක්කා ලස්සනය. ඉතින් දොර වැහුනාට පසු දෙමලා මහත්තයා දුන්නා කියා කීයක් හෝ අරන් එන්නේය. එය ඉතා කුඩා මුදලකි. ඒ ගානට බුල්ටොවක් වැනි යමක් මිස වෙන දෙයක් ගන්නට බැරිය. කෙසේ හෝ මට නං මේ දොර වැහිල්ල ඇල්ලුවේ නැත. මගේ උත්සාහය අර වසාගත් කාමරේ වෙන්නේ මොනවාදැයි බලන්නටය.. මගේ අදහස කොල්ලාට කීමී. ඔහු ඔලුවේ අත ගසා ගත්තේය. ' මාත්තියා මා මරයි' කීවේය. එහෙත් මට   ඉවසිල්ලක් නැත. අන්තිමේ ' යෙං ඒනං' කියා කොල්ලා ඉස්සර විය. වතුර ටැංකියෙන් වහලෙටද, වහල දිගේ ඒ කාමරේ අන්තිම අයිනටද ගිය කොල්ලා බිම දිගා වී මටද ඒසේ කරන ලෙස කීයේය. මමද වහලයේ මුනින් දිගා වී එකල ගෙවල් වල තිබූ වා කවුලු පෙලෙන් අය්යා අක්කාට කෙසෙල් කවන හැටි නැරඹුවෙමි. ටික වෙලාවකින් මේ 'ෂෝ' එක ටිකක් දරුණු වේගෙන එන විට මට බයක් ඇතිවිය. මම කොල්ලාට යං යං කීමී. කොල්ලාට කිසි ගානක් නැත. මේ යකා මීට කලිනුත් මේ ෂෝ එක බලා ඇති බව ෂුවර්ය.  අපි පල්ලං බැස්සෙමු. වලෙන් බැස ටැංකියෙන් බහින්න ඉස්පාසුවක් ලැබුනේ නැත. 'පටාස්' ගා කන හරහා ලොකු අතක් ඇදී ගියේය. අපි බලන එක ඒ ගෙදර නවාතැන් ගෙන සිටි තව අය්යා කෙනෙකුද බලන් ඉදලාය. මම පසු නොබලා ගෙදර දීවෙමි. කොල්ලාද හොදට ගුටි කෑ බව මට පසුව දැනගන්නට ලැබිණි.      

මේ සිද්ධිය මට කෙමෙන් අමතක විය. එහෙත් ඉන් අවුරුදු දෙකකට විතර පසු ඒ අක්කා අපේ ගෙදර ආවාය. ඒ එක්ක අවුරුද්දක් විතර පොඩි ලස්සන කොලු පැටියෙක්ද එක්කාගෙන ආවාය. මේ කොලු පැටියාගේ තාත්තා ඔවුන් නොසලකා හැර ඇති බවත් හැකිනම් ඒ සදහා සාධාරනය ඉටුකරදෙන ලෙසත් ඈ අපේ අම්මාගෙන් ඉල්ලා සිටියාය.. අපේ අම්මා මේ අයියාගේ අම්මාට වඩා ඔහුට ලෙන්ගතු බව ඈ දැන සිටින්නට ඇත. කෙසේ හෝ බොහෝ වෙලාවක් අපේ ගෙදර කාලය ගත කල ඒ අක්කා යන්නට ගියාය. ඒ යනගමන් ඒ අය්යාගේම මුහුණ ඇති අවුරුද්දක් විතර වයස නොදරුවා සිය මවගේ උරහිසේ නිදා සිටි අපූරුව අදද මට මතකය.











15 comments:

  1. Replies
    1. ලෙජ්ජා නෙද්ද ඕයි D අකුරක් විතරක් ගාන්න? තෙමුසේටම දාගන්න පුළුවන් වෙන්න තෙමුසෙගෙ දෙත් ටික්ක බඩ්ඩට තමා යවාන්න ඉත්තෙනවා

      Delete
  2. Finished all the posts in one go.... I really envy your past. Excellent writing too.

    ReplyDelete
  3. ඒ උත්තා කරල තියෙන්නේ කෙත්ත කෙරි වෙඩ ක්

    ReplyDelete
  4. අයියා කෙහෙල් කවලා තියෙන්නේ ඔය...

    ReplyDelete
  5. පොඩි උනාට කෙරි වෙඩ ඔක්කොම තමා කොරල තීනවා.. පාව් අර කේල්ල.
    ඔය අර අමරබංදු රූපසිංහ එහෙම නැවතිලා හිටපු ගෙදර ද?
    ජයවේවා..!!

    ReplyDelete
  6. පිස්සගේ කාසි හැංගිල්ල අපේ කාලෙත් තිබුනා. එඩ්වින් ස්ටුඩියො ලොක්කා අස්සේ ඉඳන් බලන් ඉන්නවා ඉස්සර පිස්සගේ සල්ලිවලට ගේම දෙන්නේ කවුද කියලා.

    අර කොල්ලට කවුරුත් කතාකරේ පොඩී කියලා. ශරීරේ හරිම කුඩායි. පොර ඔය ගෙදරට වෙලා නිකං හිටියේ. කකුල් දෙකෙන් උස්සන්න, සිමෙන්ති පොලවේ ඇදගෙන යන්න කියලා මෑන්ම තමයි කියන්නේ. මමත් ඒ කාලේ ජොබ් එකක් කරනවා. පොඩි පොඩි සිල්ලර කෑම ගෙනත් දේනවා. අර අයියා තමයි පොඩීගේ භාරකාරයා. පොඩී බන්ඩාරවෙල කොල්ලෙක්. මාමා ආද්‍රෙන් සැලකුවා. පොඩි ගැන දන්න අය තවම ඉන්නවා. අහලා බලන්න මාමගේ දුවගෙන් හෝ එයා බැඳපු කෙනාගෙන්.

    ඔය ගෙදර කාලයක් අපි සෙට් එකකගේ "මහ ගෙදර". කාමර හතරක් හෝ පහක් තිබුනා. මහා විශාල ගෙයක් සහ වත්තක්. නොකරපු මල දානයක් නැහැ. අමරබන්දු ලොක්කා ඔතනට ආවට පස්සේ ගෑනු..පිරිමි වැඩ අපි නැවැත්තුවා. මල්, පලතුරු වැඩ නම් කරා. අර අයියා මාලදිවයිනට ගියාට පස්සේ නැන්දලා එහෙ පදිංචියට ආවා. මගේ හාමිනේවත් ඒ කාලේ මම ශේප් එකේ එක්කන් එනවා ඉස්සර. තමුසෙලා සීලිමට නැග්ගේ නැහැ නේද ඒවා බලන්න...

    අර කලු අක්කාගේ කතාව නම් හරි අපරාධයක්. මම, අමරේ අයියා කොච්චර පොලිසිවල බඩ ගෑවද අර අයියාව එලියට ගන්න. ඒක කිසිසේත්ම අනුමත කල නොහැකි ලොකු කතාවක්. ඒ දරුවා දැන් වැඩිහිටියෙක් විය යුතුයි. ඇයටත්, දරුවාටත් සාධාරනයක් විය යුතු බවට අපි කිව්වත් ඒවා එහෙමම යටවී ගියා. ඒ කතාවේ ඇතුලේ බොහෝ සිදුවීම් වුනා.

    මෙන්න ඒ ගෙදර

    මේත් ඒ ගෙදරම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය අයියා යහතිං ඉන්නවද බං දැං

      Delete
    2. කෝ කතාව ඉතිරි ටික.

      Delete
  7. ටිකක් කාර්ල් මුලර් ගේ කතා වගේ

    ReplyDelete
  8. සිංහල කොල්ලයි දෙමල කොල්ලයි කෙරි වැඩ තමයි කරල තීනව.

    ReplyDelete
  9. සිංහල අය දෙමළ කතාකරන විදියෙ ජෝක් එකක් නැද්ද දන්නෑ.
    අනික දෙමළ ගෙවල්වල සිංහල කොල්ලො වැඩ කරන්නෙ නැත්තෙ ඇයිද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ ටිකවත් තේරෙන්නේ නැතුවද තමුසේ මහලොකුවට ප්‍රන්ජිපානි ප්‍රමෝට් කරන්න දඟලන්නේ?

      Delete
    2. අනේ පකෝ සිංහල රටේ ඉන්නෙ තොපි අපි මොන පයියටද තොපේ ජරා භාෂාව කතාකරන්නෙ

      Delete
  10. සිංහල අය දෙමල කතාකරන විදියෙ ලොකු 'ජෝක්' එකක් තියනවා. මීට අවුරුදු පහලොවකට විතර උඩ මම වැඩකලේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලේ විශේෂ අමුත්තන් සදහා වෙන්කොට තිබුණු 'කොමන්වෙල්ත් හවුස්' එකෙ. එකේ රස්සාවට මාව දැම්මේ ඒංගලන්තේ ආමි එකේ ලොකු පොරක්. මේ පොර නිසා මාව කොමන්වෙල්ත් හවුස් එකෙ වැඩට ගන්න එකට විරුද්ධ දෙමල අය දොලොස්දෙනෙක්වත් මාවත් ගෙන්නලා කතා කරලා 'ෂේප්' කරන්න තානාපති කාර්යාලේ ආරක්ෂක උපදේසක සුද්දට සිද්ද වුනා. දෙමල අය මාත් එක්ක කතා කලේ දෙමලෙන් විතරයි. අන්ඩර දෙමල නිසා මම අනාත වුනා. මම පලමු දවසෙම මහානාමේ ස්විමින් පූල් එක ඉස්සරහා තිබ්බ මේ හවුස් එකේ ඉදලා කොටුවට ගිහින් දෙමල -සිංහල පොතක් ගත්තා. ඒක බලාගෙන ප්‍රශ්න අහද්දී උත්තර දෙද්දී දෙමලු මට හිනාවුනා. අන්තිමේ එ අයත් මගේ අන්ඩරදෙමල උච්චාරනය කලා, මාව ජෝක් එකකට ගත්තා. ඒත් සුද්දන්ගේ දිව හංගන් කතා කරන හැඩේ මට අවුරුදු ගානක් උන් එක්ක වැඩ කල නිසා පුරුදු හින්දා සුද්දා මට එතන වැඩේ බාරදුන්නා දෙවැනියා වගේ පොස්ට් එකක් එක්ක. මට තවත් අමාරුයි. එකක් මට දෙමල බෑ. දෙවැනි එක මගේ 'ලොක්කා' දෙමළ. මේ දොලොස්දෙනාම සිංහල කතා කරන්නේ නෑ. මගෙත් එක්ක තරහා මම සිංහල නිසා කියල හිතුනා. ඒත් කාගෙන හිටියා. මට කතා කලේ 'කුසූ තම්බි' කියලා. ඇහුවම කිව්වේ එකේ තෙරුම හොද සින්හල කොල්ලා කියලා. මම දැනගත්තේ එගොල්ලො ඒක ටිකක් බර වැඩිකරලා කියල පස්සේ බක බක ගගා හිනාවෙනකොට. එගොල්ලො මගේ දෙමළ උච්චාරණ ඔක්කොටම වාගේ හිනාවුනා. මට සුද්දා මෙගොල්ලො පවරපු වැඩ කිව්වෙ දෙමලෙන් ..මම අනාගත්තා ගමක. අන්තිමේ සුද්ද ලියලා එව්වා. මාව බාෂාව නිසා ජෝක් එකක් වුනා. ඒත් ඒ ජෝක් එක ඒ සීමාවේ නතර වුනා. අන්තිමේ මම වෙන හේතුවක් උඩ රස්සාව දමලා ගහලා ආවා. සූද්දා මාව ගෙන්නගන්න මගේ ලොක්කා වෙච්ච රාජා වයි එයාගේ නෝනා 'අක්කා' වයි එව්වා තානාපති කාර්යාලේ වාහනේක. අපේ ගේ හොයාගන්න බැරිව එගොල්ලො ආවේ පොලිසියෙ කෙනෙක් එක්ක. අම්මා බයවෙලා. 'තම්බි..එන්ඩ අප්පා අපහු..අපි වීලු තමා ආයේ නේ කරනවා.ෂුද්දා ඉතන්න් ඉන්නේ අපේ වීලු නිසා ඔයා ගියා තමා.. යෙං යෙං..' කියමින් රාජා කොයිතරං කිව්වත් මම ගියේ නෑ. මට මගේ ජීවිතයේ දෙමලුන් හමුවී තිබෙනවා ඕනෑ තරම්. ඒත් ඒ හැමෝම හොද මිනිස්සු. එදා එනවිටත් අක්කා විසින් කුකුල් මස් 'හම' හීනීයට කපා තෙල්දමා පාන් එක්ක කන්න එන්නැයි මට ආරාධනා කලා. ඒ අය තාම ඇති. අක්කාගේ පුතා රොයල් කොලෙජ් එකට දාන්නට ඇප්ලිකේෂන් පිරෙව්වේ මම. ඒ කොල්ලාත් දැන් අවුරුදු විස්සක විසිපහක කෙනෙක් වන්නට ඕනෑ. අපි පාන් සමග අර කුකුළ් මස් බැදුම කනවිට කැඩිච්ච ඉන්ග්‍රීසියෙන් රාජා මෙහෙම කියනවා මට මතකයි. ' සුද්දා තෙල් කියා අහක දාන හම අපි රසකර කනවා...අපි හමදාම කලේ ඕක තමා.' ඔවුන් තවමත් බගතලේ පාරේ තාම ඇති කියා මට විස්වාසයි.

    ReplyDelete