Thursday, October 20, 2016

බයිසිකල්



හයිලෙවල් පාරෙන් එහා පැත්තේ ඉරිදාපොලටඇතුලුවන තැන් දෙකක්  තිබිනි. එකක් එදිනෙදා හාල් පරිප්පු සීනී තිබු සිල්ලර කඩය හා ඒ කඩේම අය්යාගේ නෝනාගේ මල්ලිට හා නෝනාට අයිති වූ හෝටලයට හා අලි බඩක් සහිත අය්යා සහ කෙට්ටු මල්ලීගේ 'ඩයස් හෝටලේද, ටයර් කඩයක්ද, මගේ හොද මිතුරකු හා ඔහුගේ පවුලේ අයගේ ලොන්ඩරියද ඇතුලත් කඩපේලිය ට මැදිව පිහිටා තිබුනේය. අනෙක් දොරටුව මේ කී කඩ පේලියට හා මගේ මිතුරියක හා ඇගේඅක්කා වන කොළඹ කන්‍යාරාමයකට ගිය ලමයින් දෙදෙනෙකුගේ ගෙදරට මැදිව පිහිටා තිබුනේය. මේ කී සියලු දෙනා හා තැන්වල 'මගේ කතාවක්'තිබේ. ඒනිසා එක කොනකින් පටන් ගමි. කොස්ගහයට ගාමිණි අය්යාගේ කඩේ සරුසාරම සිල්ලර වෙළදාමක් විය. එයට ගාමිණි අය්යාගේ පැවැත්ම බලපෑවේය. ඔහු කඩේ බඩුගන්නට එන ඕනෑම කෙනෙකුට හොදින් කතා කලේය. නයටද බඩු දුන්නේය. ඒ වාගේම ඕනෑම බඩුවක් ඒ කඩේ තිබුණේය. එකල ඇන්කර් සමාගම පැවැත්වූ ප්‍රදර්ශන සැරසිලි සදහා ලොකු නැවක අකෘතියක් සාදා වටිනා අත් ඔරලෝසුවක් දිනාගත්තා මට මතකය. සමහරදාට ගාමිණි අය්යා බඩු ගෙන ඒමට හෝ වෙනත් වැඩක් ඇති කල අක්කාව කඩේ තියා යන පුරුද්දක් තිබුනේය. එවිට අපේ අම්මාටද කියා මා අක්කාගේ තනියට නවතා යන්නේය. එහෙම නැති දවසට අක්කා දවල් බත රැගෙන එන්නීය. ටික වෙලාවක් ඉද ආපහු පයින්ම යන්නීය. අක්කා ගාමිණි අය්යා ගිය විගස පැණිරස කන්නට පටන් ගනී. ඇය ඒවා කන්නේ මටත් වඩා පොඩි ලමයෙකු මෙනි.ඇය දෙකක් කන විට  එකක් මටද දිගු කරයි. ඒ වෙලාවේ ඇගේ මුහුණ මට දැන් මැවී පෙනේ. ගාමිණි අය්යාගේ කඩෙන් සීනී පරිප්පු තේකොල ආදී කිරුම් බඩු කිරන්නට ගොටු ගැහුවේ මමය. මගේ අතෙන් කලාත්මක දේ හැදෙන්නට මේ හුරුව අනිවාරයෙන් බලපාන්නටඇත. ඒ  ගොටු ගැහිල්ල අන්තිමේ 'පාට්ටයිම්' ජොබ් එකක් වන තරමට දුරදිග ගියේය. මට නිවාඩු වෙලාවට මේ පත්තර ගොටු ගැහිල්ල ගෙදර ගෙනවිත් කලෙමි. අනෙක කිලෝ ගනන් බඩු නොගත් ඒකාලේ සීය පනහ වාගේ ගොටු හරි ගානට තිබිය යුතුය .නැත්නම් සීනී සීයක් ගන්නා විට ගොට්ටට වැඩි බරක් යයි.මේසියලු සකල මනා කල පසුත් සතියකට දවසක් හෝ නොවරදවා ඉස්කෝලේ 'නොගිය' මුත් මගේ විභාග 'රිපොර්ට්' එකේ මම පලමුවැනියාමය. ගනංවලට දහයක් පහලොවක් වුනත් මම පන්තියේ  එකමය. ඒ තරංදක්ෂ ලමයි හිටි ඉස්කෝලෙකි ජයසින්හේ. මට හැමදාම ලකුණු ලැබූ විෂයයන් දෙකක් විය ඒ සිංහල හා ඉන්ග්‍රීසිය. සිංහල හොද වීමට 'මිහිර'පත්තරේද, ඉන්ග්‍රීසි හොද වීමට අර කලින්කී කන්‍යාරාමයේ ලමයාද හේතු විය. මේ නිසාම ගාමිණි අය්යා මා ආදර්ශයට ගන්නා ලෙස ඔවුන්ගේ දරුවන්ට හැම විටම කීවේය. මේ ලමයින් එකල අවුරුදු තුනේ හතරේ වාගේ බව මට මතකය. ඒ නිසා මා විශේෂ කොට සලකා ඉරිදා පොල නැති දවසට මට ඔහුගේ බයිසිකලය පදින්නට පුරුදු වන්නට දුන්නේය. මීට කලින් මගේ ජයලත් ලොන්ඩරියේ යාලුවාගේ 'චොපර්' බයිසිකලය මා පැද ඇත. එහෙත් එහි මැද පොල්ලක් තිබුනේ නැති නිසා පහසු වුවත් ගාමිණි අය්යාගේ බයිසිකලය පොල්ලක් ඇති නිසා අමාරුය. එහෙත් අදත් පෙනෙන්නට තියෙන දනහිසේ අලි රවුම් කැලැල් ඇතිවෙන්න මම වැටි වැටී ඉගෙන ගත්තෙමි. ගාමිණි අය්යා බයිසිකලය දෙන්නේ එහෙමත් කෙනෙකුටය. මට දුන් එක ලොකු සම්මානයක් බදුය. මම වීරයා සේ බයිසිකල් පැද ගියෙමි. මට හොදටම පුරුදු වූ පසු ගාමිණි අය්යා බයිසිකල‍යට කූඩයක් සවිකලේය. එදාම මා බයිසිකලයේ පොල්ලේ තබාගෙන පැද්දේය. ඔහු යන ගමන් මට මග විස්තරය කියයි. කඩේ ලග සිට අයින දිගේ අටේ කනුව පැත්තට පැදගෙන ගොස් උඩහමුල්ලට හැරෙන පටු පාරෙන් හැරිය අප පාර අවසානයේ යලි දකුනට හැරෙමින් උඩහමුල්ල පාරේ යන්නෙමු.මේ පාර අද මට හරියටම මතක නැත.එහෙත් කුඩා පටුමගක් අස්සේ ගොස් ගාමිණි අය්යාගේ ගෙට ගොඩ උනෙමු. අක්කා කඩේ නිසා කවුරුත් නැති බව මම දනිමි. ගාමිණි අය්යා මේ තමා අපේ ගේ කියා පෙන්නා යලි කඩේටම බයිසිකල්පැද්දේය. කඩේ ගාවදි මට බයිසිකලේ දී ආපහු යන්ඩ වුනොත් පාර මතකදැයි ඇහුවේය මම උඩ පැන ඔව් කීවෙමි. එදා සිට අක්කා කඩේට ආවේ කලාතුරකිනි. එහෙත් ඉස්කෝලේ ඇරී ආපසු මට රස්සාවක් තිබිණ. ඒ ගාමිණි අය්යාගේ දවල් බත් රැගෙන ඒමට යාමය. මම මහත් ආසාවෙන් එහා මෙහා බයිසිකල් පැද්දෙමි. ගාමිණිඅය්යා සතුටෙන් වෙලදාම කලේය.අක්කා මා අත ඔහුගේ බත් එවුවාය. ඒ අස්සේ අක්කාට වෙනදාට පැණිරස නොදෙන අය්යා මා අත මොනවාහරි යැව්වේය. අන්තිමේ අක්කාගේ බඩ එන්න එන්නම ලොකු වී දැන් අවුරුදු තිහක්වත් ඇති දෙවැනියා හම්බවෙනවිට මා නව මාසයක් පමන බයිසිකල් පැදීමෙන් බයිසිකල් 'පකීර්' කෙනෙකු වී සිටියෙමි. ඒ වැඩේ කොයි පැත්තෙන් හිතුවත් මට වාසිය. ඉන්පස්සේ යාල වන උද්‍යානයේදී මෝටර් බයිසිකලයක් පදින්නටද, ඕමානයේ මස්කට් නුවරදී 'මහින්දගෙන්' කාර් එකක් එලවන්නටද ඉගෙනගත්තෙමි. මේ වනවිට මගේ පවුලේ කාර් පදින්නට හැකි එකම එකා වීම, අර සල්ලි කීයක් හෝ කඩාවිදගන්නට ආ හොර පාහරයෙක් නිසා නිකරුනේ කොස්ගහයට කඩේ ලගම මරා දැමුනු ගාමිණි අය්යාගේ පුස් බයිසිකලය ලොකු උදව්වක් වූ බව මගේ හිත දනී.

14 comments:

  1. එහෙමත් කාලයක් තිබුනනේ!
    මේක කියවනකොට මගේ කුඩා කාලයත් මතක්වෙනවා. වෙනම පැරලල් රූප පෙළක් යනවා ඔලුව ඇතුලේ. එකක් නෙවෙයි දෙකක්. ඔයාගේ කතාවයි මට සිද්ද වෙච්ච දේවලුයි.
    බයිසිකලයක් පදින්න ලැබෙනවා කියන්නේ ඉතිං කියලා.... වැඩක් නෑ.
    බයිසිකලයක් කෙසේ වෙතත් අඩුගනනේ බයිසිකල් ටෑර් එකක් පද්දන්න තුබුනොත් අම්මා.. එකත් හොඳටෝම ඇති.

    ReplyDelete
  2. පෝස්ට්ස් දානවා ඉක්මන් වැඩිද මන්දා.....ලියන්නාta ලියා ඉවර කිරීමේ තදබල හදිස්සියක් තිබුනාට, කියවන්නා කියවන්නේ සැකසුරුවම් ආතල් එකකින් බව ලියන්නා තේරුම් ගත යුතුය. මේ කතාව,.... මතකය අවදිවූ පමනින් ලියා අවසන් කල යුතු කතාවක් නොවේ. ලියන්නා අවසාන වශයෙන් තේරුම් ගත යුත්තේ...මේ සාරවත් කතාව අපට කියවා විනෝද වීමට එක් කොටසකින් පසු තව කොටසක් පබ්ලිශ් කිරීම දින දෙකක හෝ තුනකට පසුව දෙන්න. සැප දෙනකොට ,එක පාර දීලා ඉවර කරන්න එපා :

    එහෙම කරන්න්න. "මාලුවෙක් වගේ පියාඹන්න....කුරුල්ලෙකු සේ පිහිනන්න".... මම හිතන්නේ එහෙමයි. මේක මරු.

    ReplyDelete
    Replies
    1. ඔව් ලියලා ඩ්රාෆ්ට් වල එකතු කරල දවස් තුනකට එකක් දාන්න, කොහොම උනත් මෙයාගෙන් උපදෙස් ගන්ඩ එපා , මෙයාඅපේ ආතල් කාපු පොරක්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ගල් ඉබ්බො දෙන්නෙක් මෙකටත් කෙලවන්න හදනවා.

      ලියන ඒවා ඉක්මනට දාන්න.

      මේ අටම කියන එකා අවුරුද්දටම පෝස්ට් 10 ක් විතර දාන එකෙක් එකෙනුත් 9 ක්ම වෙන බ්ලොග් වල ඒවා

      Delete
    4. //////මේ අටම කියන එකා අවුරුද්දටම පෝස්ට් 10 ක් විතර දාන එකෙක් එකෙනුත් 9 ක්ම වෙන බ්ලොග් වල ඒවා///////////

      සහතික ඇත්ත ඇනෝ. උඹ හරි!!!!!!!!!

      Delete
    5. කෙලවන්ඩ ලේසි වෙන්ඩ බ්ලොගර් ෆලෝවරය දාන්ඩ

      Delete
    6. කියවන්න බැරි උන් පස්සෙ කියෙව්ව නම් ඉවරනේ... ඔන්න ඔහේ ලියල දාන්නකෝ...... තැ.අමිල

      Delete
  3. ඡේද බෙදලා ලියනවානම් හොඳයි. නැත්නම් කියවන අයට අපහසුයි.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක අටමෙන් කියෙව්ව.
      මෙතන එක ගොඩේ වගේ තමයි

      Delete
  4. අටං ගෙ මාර්ගයෙන් ආවා...
    නියමෙට ලියලා තියෙනවා...

    ReplyDelete
  5. බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාල අකුරුත් ටිකක් ලොකු කළොත් මොකද?
    දැං අපිත් 40+ නෙ.

    ReplyDelete
  6. ඇයි අංකල්? දැං හතළිස් ඇඳිරිය ද?

    ReplyDelete