Thursday, October 20, 2016

අම්මා 2

තාත්තාට ඕනෑ නිසා මා බඩේ හුවාගෙන අම්මා බොහෝ දුක්විදි බව මට සමහර තැන්වලදී අම්මාම කියා තිබේ. ලමයෙකු බඩේ හිටියා කියා ලගම කීපදෙනෙකුගෙන් ඇරෙන්නට තාත්තාගෙන් පවා ඒ තරං දෙයක් සිදු නොවූ වග පසු කලෙක මටද පෙනී ගිය ක්‍රියා කලාපයෙන් තාත්තා පිලිබද ඒ තරම් හැගීමක් අදද මට උපදින්නේ නැත. ඒ කතා දිග් ගැහෙන නිසා පසුවට ලියමි. කෙසේ හෝ අවිස්සාවේල්ල පැත්තේ මහපාරෙන් ඇතුලේ හැතම්මයක් පමණ දුර සිට එකල අම්මාව බලාකියාගත් අම්මාගේ අම්මාද සමග හුලු අත්තතක්ද පත්තුකරගෙන මහකලුවරේ තාරපාරට ඇවිත් කුලියට වාහනයක් කතා කරගෙන කෙලින්ම කාසල් වීදියේ රෝහලට එන්නට තරම් අම්මා හිත හයිය ඇති ගැහැණියක් වීම නිසා උපන් ස්ථානය හද්දා පිටිසරක නොවී කොළඹ කාසල් වීදිය කියා ලියැවෙන්නට බලපෑවේය. අනෙක් කාරණය අම්මා අම්මාගේ අක්කා සහ මල්ලී යන තිදෙනාම කොළඹ නුගේගොඩ හැදී වැඩී ප්‍රසිද්ධ පාසල් වලට ගොස් හොදට කා බී සැපැවත් ජීවිත ගත කලේ බැවින් ඇයට අඩුම ගනනේ අපට දිය හැකිව තිබූ උප්පැන්න සහතිකයවත් හරිහමන් විදියට දෙන්නට තිබූ උවමනාව වන්නට ඇත. කෙසේ හෝ මා උපදින කාලයේ සිරිමාවෝ රජයේ බලපම් නිසා අම්මාගේ බඩ පුරවා ගන්නට කොස් දෙල් හා ගස්ලබු මහා පිටිවහලක් වූ බව මා අසා ඇත. ඒ කෙසේ වුවද මට අවුරුදු පහක් ගතවන තුරු ඇය මට දෙතනේ කිරි දුන්නේ අල බතල ගස්ලබු කා බව මා දැන සිටියානම් මා ඇගේ ඒ දිරාපත් දෙතනේ එල්ලෙන්නේ නැත. අද ඇයට කතා කරගැනිමට බැරි ස්නායූ දුර්වලතාවකින් පෙලෙයි..ඒ නිසා මට ඒවා මතක යැයි ඇයට කියන්නට බැරිය.මන්ද ඈ එවා මා මතක තබාගන්නවාට කැමැති නැත්තේය.."ඒවා ඒ කලයේ දෙවල්...ඒවා ගැන මතක් කිරීමෙන් ඔයටවත් මටවත් සෙතක් වෙන්නේ නැහැනේ..මේ දැන් තියෙන හොද දේවල් ගැන හිතමු නේද.." කියා වෙනදා මෙන් කියන්නට බැරිකම නිසා ඇය කදුලු නගමින් හඩනු බලන්නට මට බැරිකමය...

No comments:

Post a Comment